www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සිසුවියක් පැහැරගෙන ගිය ටියුෂන් මාස්ටර් සමඟ රියැදුරා හා රූපලාවන්‍ය ශිල්පිණිය ලබන 06දා දක්වා රිමාන්ඞ්.... ප‍්‍රදේශවාසීන්ගේ පහර කෑමට ලක්වූ පළමු සැකකරු කරාපිටියේ ප‍්‍රතිකාර ලබයි


2021-06-30 07:16:04 -  991 යි

අහංගම සුගතපාල දීයගහගේ
 
දර්ශන රූගත කිරීමට එන්නැයි පවසා 16 හැවිරිදි සිසුවියක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් රිමාන්ඞ්  බන්ධනාගාර ගත කර සිටින උපකාරක පංති ගුරුවරයාද මෝටර් රථ රියදුරා සහ රූපලාවන්‍ය ශිල්පිණියද තව දුරටත් ජූලි මස 06 වන දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජිවනී පතිරණ මහත්මිය ඊයේ (29) නියෝග කළාය.‍
 
 මෙසේ තවදුරටත් රිමාන්ඞ්  බන්ධනාගාර ගත කරනු ලැබුවේ විද්‍යා විෂය උගන්වන උපකාරක පංති ගුරුවරයෙක් වන නිශාන් අතුකෝරල, මෝටර් රථ රියදුරා වන විරාජ් නමුණුකුල හා රූපලාවන්‍ය ශිල්පිණියක් වන නදී චතුරංගි යන සැකකරුවන්ය. ප‍්‍රදේශවාසීන්ගේ පහර කෑමට ලක්ව ඇති පළමු වන සැකකරු බන්ධනාගාර නිලධාරින් බාරයේ තවමත් කරාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී.
 
 යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ප‍්‍රියන්ත හේවගේ මහතාගේ උපදෙස් පරිදි සැරයන් විජිතනන්ද(58888) මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලද අතර සැකකරුවන් වෙනුවෙන් අවන්ත නාගහවත්ත සහ නන්දසිරි ගල්ඔලූ‍ව යන නීතිඥවරු පෙනී සිටියහ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com