www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බුද්ධි නිලධාරියාට ගබ්සා පෙති විකිනීමට තැත් කල වැලිගම පල්ලියක සේවකයෙකු හා තවත් අයෙක් මාට්ටු


2021-06-28 10:34:43 -  299 යි

දුරකතනයෙන් කතා කර ගත් පරිදි නීති විරෝධී ගබ්සා පෙති මිලදී ගැනීමට පැමිණී පුද්ගලයා මාරු වීම හේතුවෙන් එම ගබ්සා පෙති බුද්ධි අංශ නිලධාරියෙකුට විකිනීමට තැත් කල වැලිගම වැලිපිටිය ප්‍රදේශයේ පල්ලියක සේවකයෙකු හා තවත් අයෙකු සැක පිට ප්‍රශ්ණ කිරීම සදහා අත් අඩංගුවට ගත් බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.

ඔවුන් සන්තකයේ තිබී හදුනා නොගත් ගබ්සා පෙති 60 ක් පොලීසිය භාරයට ගෙන ඇත.

බුද්ධි අංශ නිලධාරියා අදාල ස්ථානය වෙත ගොස් ඇත්තේ බුද්ධි වාර්තාවකට අදාල තොරතුරු ලබා ගැනීම සදහා බව පොලීසිය කියයි.

ඊට පෙර එහි සිටි සැකකරුට කිසිවකු විසින් දුරකතන ඇමතුමක් දී ඔහු හමු වීමට පැමිණෙන පුද්ගලයාගෙන් රුපියල් දස දහසක් ලබා ගෙන ගබ්සා පෙති කාඩ් එකක් ඔහුට විකුණන ලෙස දැනුම් දී ඇත.
ඒ අනුව ගබ්සා පෙති මිලදී ගැනීමට පැමිණි පුද්ගලයා යයි සිතා එම සැකකරු බුද්ධි අංශ නිලධාරියාට අදාල පෙති විකිනීමට සූදානම් වී තිබේ.

ඔහු ඒ පිළිබඳව ඉතා ඉක්මණින් වැලිගම පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව පොලීසිය පැමිණ එම සැකකරු සැක පිට අත් අඩංගුවට ගෙන ඔහුට එම පෙති ලැබෙන ආකාරය පිළිබඳව ද ප්‍රශ්න කර තිබේ.

කොලඹ සිට එම ගබ්සා පෙති නීති විරෝධී ලෙස ගෙනවිත් දෙන සැකකරු ද පොලීසිය ඒ අනුව සැක පිට අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

වැලිගම වැලිපිටිය පදිංචි 58 හා 62 හැවිරිදි සැකකරුවන් දෙදෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී මහේෂ් පෙරේරා හා වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්.අබේසේකර යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අමරසේන,උප පොලිස් පරීක්ෂක රංජිත් විතානගේ,සැරයන්වරුන් වන 19931 සරත්,40807 සම්පත්,කොස්තාපල්වරුන් වන 91667 රණවන හා 92975 සමරසිංහ යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීමට සහභාගී වූහ. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com