www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කසිප්පු ගැන ඔත්තුව දුන් සොහොයුරන්ට කඩු පහර-ලොරියත් ගිනි තියලා


2021-06-24 06:55:57 -  259 යි

කසිප්පු පෙරීමක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදුන් පුත්ගලයන් දෙදෙනෙකු කඩුවෙන් කොටා ඔවුන්ගේ ලොරියට ගිනි තබා තිබෙනවා.

මෙම සිදුවීම පරසන්ගස්වැව දොරමඩලාව විහාරස්ථානයට හැරෙන මාවතතේ දී සිදුවී ඇති අතර කඩු පහරින් මල්ලි බරපතල කැපුම් තුවාල සහිතව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පැවසේ. 

සැකකරුවන් සිවුදෙනකු ලොරිය පසුපස පන්නාගෙන විත් රථයේ සිටි අයියාට පලමුව කඩු පහර එල්ල කල නමුත් ඔහු එයින් බේරී ඇති අතර මල්ලී ඔවුන්ට හසු වී තිබෙනවා.පසුව රථයට පෙට්‍රල් දැමූ සැකකරුවෝ එයට ගිනි තබා තිබෙනවා.

මෙම අයිය මලෝ දෙදෙනා මිහින්තලය පොලිස් වසමේ පදිංචිකරුවන් වන අතර ඔවුන් ඌරු කොටුවක් පවත්වා ගෙන යන බව පොලිසිය පවසයි.

කසිප්පු පෙරීම පිළිබඳව පොලිස්ථානයකට ලබා දුන් තොරතුරු පොලිස් නිලධාරියකු කසිප්පු පෙරන පුද්ගලයින්ට අනාවරණය කිරීම නිසා මෙම සොහොයුරන්ට මෙලෙස පහර දී තිබෙනා බව ද අනාවරණය වේ.

මෙම සිද්ධිය කළ හා රථයට ගි.නි තැබූවන් පොලිසිය හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි. බරපතළ තුවාල ලබා ඇති තරුණයාට ශල්‍යකර්මයක් කර තිබෙනා අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව අනුරාධපුර ශික්ෂණ රෝහල පවසයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com