www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඉන්දියාව ලංකාවට අහසින් කඩා වැදී අදට අවුරුදු 34 යි... ඉන්දීය නියමුවන් අඩි 1500 ක් දක්වා පහළට එද්දී බියට පත් වී සිටියා


2021-06-04 08:07:37 -  254 යි

ඉන්දීය රජය පැවසුවේ මෙය මානුෂික මෙහෙයුමක් බවයි. ඉන්දියාව දියත් කළ නීති විරෝධී ගුවන් මෙහෙයුම ගැන කනගාටුව පළ කළ ඇමරිකානු රජය ඒ ගැන විවේචනය කිරීමෙන් වැළකී සිටියේය

ඉන්දීය රජය බලහත්කාරයෙන් යාපනය අර්ධද්වීපයට පරිප්පු දැමුවේ මෙයට වසර 34 කට පෙර, එනම් 1987 ජුනි 04 වැනිදායි. ද්‍රවිඩ ජනතාවට සහනාධාර යැයි දක්වමින් ඇන්ටනොව් යානා 5 කින් පැරෂුට් ආධාරයෙන් බිමට දැමුවේ පරිප්පුද නැත්නම් අවි ආයුධ දැයි අද වනතුරු හෙළිවී නැත.

මෙලෙස යාපනයට දැමූ භාණ්ඩවල බර ටොන් 25 කි. මෙම මෙහෙයුම භාරව සිටියේ වින්ග් කමාන්ඩර් සුභාෂ් චන්ද්‍ර බව පසුව හෙළි විය.

භාණ්ඩ බිමට දැමීම සඳහා පැමිණි ඇන්ටනොව් යානාවල ආරක්‍ෂාවට ප‍්‍රංශයේ නිෂ්පාදිත මිරාජ් ප‍්‍රහාරක යානා කීපයක් ද විය. ඊගල් ෆෝමේෂන් නමින් හඳුන්වන මෙම රහසිගත ගුවන් මෙහෙයුම දියත් වන සමයේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට කෆීර් හෝ මිග් ප‍්‍රහාරක යානා මෙන්ම ගුවන් යානා නාශක මිසයිල්ද තිබුණේ නැත. එවකට ජනපති ජේ. ආර්. සමයේ තිබුණේ නිකම්ම නිකන් ගුවන් හමුදාවකි.

ඉන්දියානු රජය ශ‍්‍රී ලංකාවේ අහස් කලාපය අමු අමුවේ උල්ලංඝනය කරද්දී බටහිර රටවල් බලා සිටියේය. මේ තත්ත්වය මත ශ‍්‍රී ලංකාව අසරණ විය. යාපනය අර්ධද්වීපයට භාණ්ඩ දැමීමේ මෙහෙයුමේ ප‍්‍රධානියා එයාර් වයිෂ්මාර්ෂල් ඞී ක්ලෝර්ය ඔහු පසුව පැවසුවේ එය රජයේ තීරණයක් නිසා තමාට කළ හැකි නොතිබූ බවයි. මේ තත්ත්වය මත එදා යැන්කිඩිකී යැයි හඳුන්වන ලැබු ජේආර්ට ඇමරිකාවේ සහාය ලැබුනේ නැත. 1987 ජුනි 03 වැනිදා පස්වරු 5.00 පමණ හෙළු මෙම භාණ්ඩවලින් කොටසක් යාපනය දුම්රියපලට සැතපුම් 04 ක් ඈතින් වැටී තිබුණි. එම භාණ්ඩ කොටි අතට පත්විය. ඊට පෙර එදින සවස 3 ට නවදිල්ලියේ සිටින ශ‍්‍රී ලංකා තානාපති කැඳවූ ඉන්දීය විදේශ කටයුතු නිලධාරීහු තව ටික වේලාකින් යාපනයට සහනාධාර හෙළනවා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ඊට එරෙහි වූවොත් මිරාජ් යානා ප‍්‍රහාර එල්ල කරයි යනුවෙන් තර්ජනයක් කළේය. පසුව ඉන්දීය රජය ගුවන් නියමුවන් ඇගයීමට ලක් කළේය.

එහෙත් ඉන්දීය රජය පැවසුවේ මෙය මානුෂික මෙහෙයුමක් බවයි. ඉන්දියාව දියත් කළ නීති විරෝධී ගුවන් මෙහෙයුම ගැන කනගාටුව පළ කළ ඇමරිකානු රජය ඒ ගැන විවේචනය කිරීමෙන් වැළකී සිටියේය.

මේ අතර 1987 මැයි 27 වැනිදා ඉන්දීය ගුවන්විදුලිය ප‍්‍රකාශයක් නිවේදනය කරමින් ශ‍්‍රී ලංකාව දියත් කළ වඩමාරච්චි මෙහෙයුම හෙළාදකින බව විදේශ කටයුතු ඇමැති ශිවාරි පවසන බවත් ඒ නිසා යාපනේට ගුවනින් ආහාර දැමීමට සිදු වූ බවත් කියා සිටියේය. විදේශ ඇමැති ශිවාරිගේ මෙම තර්ජනාත්මක ප‍්‍රකාශයට පෙර 1987 මැයි මස දිනක ඉන්දීය රජය ශ‍්‍රී ලංකාවට දැනුම් දීමක් කරමින් යපානය අර්ධද්වීපයට ටොන් 1000 ආහාර ද්‍රව්‍ය රැුගත් සහන සේවා බෝට්ටු කීපයක් එන බව පළ කළේය. මේ සහන සේවා බෝට්ටු ශ‍්‍රී ලංකා මුහුදු සීමාවට එන අවස්ථාවේ නාවික හමුදාවේ මුර යාත‍්‍රා දෙකක් ඉදිරියට ගොස් බෝට්ටුවලට අනතුරු අ`ගවනු ලැබීය. උඹලා අපේ මුහුදු සීමාව පැන්නොත් වෙඩි තියනවා. යැයි නාවික හමුදා බෝට්ටුවල නිලධාරීන් කියා සිටියේය. මේ සහන සේවා බෝට්ටුවලට ආපසු හරවාගෙන යෑමට ඉන්දියාවට සිදුවිය.

මේ සිද්ධියේදී අගමැති රජිව් ගාන්ධි කෝපයට පත්විය. මේ නිසා ගුවනන් ආහාර දැමිය යුතු බව ඉන්දීය රෝ සංවිධානය රජයට කියා සිටියේය. මේ සමයේ ඉන්දීය රෝ නියෝජිතයන් කීප දෙනෙක් කොටි සමග එක්ව යාපනයේ ක‍්‍රියාත්මක විය. ගුවනින් ආහාර දැමිය යුතු ස්ථානය පවා ඉන්දීය ඇන්ටනොව් යානාවල නියමුවන්ට උපදෙස් දී ඇත්තේ රෝ නියෝජිතයන්ය. මේ බව තහවුරු වූයේ ඇන්ටනොව් යානාවල නියමුවන් තමන් ආහාර ද්‍රව්‍ය බිමට දැමූ ස්ථානයේ ශ‍්‍රී ලංකා හමුදාව සහ යුද උපකරණ නොදුටු බව පැවසීමයි. මේ ඇන්ටනොව් ගුවන් යානා නියමුවන් විදේශ මාධ්‍යවලට මෙලෙස පවසා තිබිණි. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ඉතාමත්ම දුර්වලයි ඔවුන්ට ගුවන් බලයක් තිබුණේ නැහැ. මේ අතර ඉන්දියාවේ මේ බලහත්කාරකම් ගැන බෞද්ධ භික්‍ෂූන්වහන්සේලා පිරිසක් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත පැමිණිලි කළත් වැඩක් වූයේ නැත. උතුරේ ද්‍රවිඩ බෙදුම්වාදීන්ට ඉන්දියාව ගුවනින් සැපයුම් ද්‍රව්‍ය ලබාදී ඇති බව භික්‍ෂූන් වහන්සේලා චෝදනා නැගුහ. මේ අවස්ථාවේ අපද එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල සිට මේ සිද්ධිය නිරීක්‍ෂණය කළෙමු.

මෙලෙස ඉන්දියාව ශ‍්‍රී ලංකාවට නීති විරෝධීව ආහාර ද්‍රව්‍ය යැයි කියමින් භාණ්ඩ බිමට දැමීම සඳහා එවා තිබූ යානාවල විදේශීය මාධ්‍යවේදීහු 35 ක්ද සිටි බව හෙළි විය. ඊගල් ෆෝමේෂන් හෙවත් ඔපරේෂන් ෆුමාලයි නමින් හඳුන්වන මෙම ඉන්දීය මෙහෙයුමෙන් එළවළු, තිරිගුපිටි, භූමිතෙල් සහ පරිප්පු දැමූ බව පැවසුවත් එම භාණ්ඩ අතර ස`ගවා අවි ආයුධ තිබූ බව පසුව හෙළි විය. ශ‍්‍රී ලංකා රජය මේ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කළේය. එහෙත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයාට කොන්දක් තිබුණේ නැත. ඔහු ශ‍්‍රී ලංකාවට පැවසුවේ අර්බුදය සාමකාමීව විසඳාගන්නා ලෙසයි. ඉන්දියාවේ මෙම ආක‍්‍රමණකාරී සිද්ධියට මූලික හේතුව වූයේ ශ‍්‍රී ලංකාවේ වඩමාරච්චි මෙහෙයුමයි. මෙම මෙහෙයුම අත්හිටුවනු ලෙස විදේශ ඇමැති ශිවාරි ශ‍්‍රී ලංකා රජයට නියම කළේය. එහෙත් ජනාධිපති ජේ. ආර්. ඊට එක`ගවූයේ නැත. මේ තත්ත්වය මත ඉන්දියාව දැඩි ලෙස කෝපවී තිබිණි. ඉන් පසු ඉන්දීය ධීවර බෝට්ටු මගින් මෙරටට භාණ්ඩ එවීමට ඉන්දියාව ගත් උත්සාහය ව්‍යර්ථ විය. මෙම ධීවර බෝට්ටු වල රතු කුරුස ධජය ඔසවා තිබිණි. මේ පසුබිම මැද සැපයුම් ද්‍රව්‍ය රැුගත් මුල්ම ඇන්ටනොව් යානාව අහසේ සිට අඩි 1500 දක්වා පහලට පැමිණෙන අවස්ථාවේ ගුවන් නියමුවෝ බියට පත්ව සිටියහ. ගොඩබිමේ සිටි හමුදා භටයෙක් මැෂින් තුවක්කුවකින් අපට ප‍්‍රහාර එල්ල කළා නම් යානාව බිමට වැටෙනවා යැයි ගුවන් නියමු සුනීචර් හෙළි කළේය. ඒත් ශ‍්‍රී ලංකා රජය මේ යානාවලට ප‍්‍රහාර එල්ල කිරීමෙන් වැළකුණේය.

මේ තත්ත්වය මැද 1987 ජූලි 29 වැනිදා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම සිදුවිය. රජිව් ගාන්ධි සහ ජේ. ආර්. ජයවර්ධන අත්සන් කළ මෙම ගිවිසුම ගැන පලාලි හමුදා කඳවුරට දැනුම් දීමට රජය ක‍්‍රියා කළේ නැත. ඉන්දු ලංකා අත්සන් කර මොහොතක් තුළ ඉන්දීය ගුවන් හමුදාවේ යානා පලාලි වෙත පැමිණියහ. මේ නිසා අපේ හමුදාවට සිදුවූයේ පලාලි කඳවුරට සීමා වීමයි. එහෙත් කොන්දක් ඇති පලාලි නිලධාරීහු ඉන්දීය හමුදා නිලධාරීන්ගේ නියෝග පිළිපැද්දේ නැත. මෙයට හොඳම නිදසුන ඉන්දීය ජනරාල් රොඞ්රිගුස් සහ බි‍්‍රගේඩියරි ජයරත්න අතර ගැටුමයි. පලාලි හමුදා කඳවුරේ රඳවා සිටි පුලේන්ද්‍රන් ඇතුළු කොටි කණ්ඩායම කොළඹට යැවීමට බි‍්‍රගේඩියර්වරයා සැලසුම් කරන

අවස්ථාවේ රොඞ්රිගුස් ඊට එරෙහි විය. උඹට සිරකරුවන් කොළඹ ගෙන යෑමට මම ඉඩ තියන්නේ නැහැ. මගේ බීඑම්පී යුද ටැංකි දමා පලාලි ධාවන පථය වහනවා යැයි රොඞ්රිගුස් තර්ජනය කළේය. මීට ප‍්‍රතිචාර දැක්වූ බි‍්‍රගේඩියරි ජයරත්න මම උඹේ යුද ටැංකි වලට වෙඩි තියනවා කෑගැසුවේය. මෙම ගැටුම අතරේ පලාලි කඳවුරේ සිටි කොටි සයනයිට් ගිල දමා දිවි නසාගෙන තිබිණි. මේ නිසා ඉන්දීය ශ‍්‍රී ලංකා හමුදා ගැටුම ව්‍යර්ථ විය මේ අතර වසර 34 කට පෙර ශ‍්‍රී ලංකාවට ගුවනින් පරිප්පු දැමූ නියමූවෝ තමන් එම ක‍්‍රියාදාමය සිදු කළේ මහත් බියකින් බව හෙළි කළහ. මෙලෙස වසර 34 ක අතීතය හෙළිවන අවස්ථාවේ 1990 වේ ජූලි 03 වැනිදා රහසිගත ඊගල් මෙහෙයුම දියත් විය. ඒ යාපනය කොටුව තුළ බරපතල තුවාල ලබා සිටි හමුදා සෙබළුන් සහ පොලිස් භටයන් ගලවා ගැනීමයි. මේ ඊගල් මෙහෙමු සාර්ථක විය. මෙලෙස ඉන්දියාව ශ‍්‍රී ලංකාවට පරිප්පු හෙලන සමයේ මුළු වඩමාරච්චි ප‍්‍රදේශයම හමුදා පාලනයට නතු විය. හමුදා මෙහෙයුමේ ප‍්‍රධානියා වූයේ ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුවයි. එහෙත් ඉන්දීය නියෝග මත වඩමාරච්චි මෙහෙයුම නතර විය. ඉන් පසු 1987 ජුලි 21 වැනිදා ඉන්දියාව හෙලිකොප්ටර් 6 ක් යාපනයට එවමින් ප‍්‍රභාකරන් ඇතුළු පවුලේ අය නවදිල්ලියට ගෙන ඒමට ක‍්‍රියා කළේය. නවදිල්ලියේදී ඔවුන් රඳවනු ලැබුවේ අශෝක් හෝටලයේය. එහෙත් ප‍්‍රභාකරන් රජිව් ගාන්ධිගේ යහපත් කම වෙනුවට සිදු කළේ ඔහුව ඝාතනය කිරීමයි.

කීර්ති වර්ණකුලසූරිය


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com