www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සංචරණ සීමා නොතකා කොට්ටාවේ පන්සලකට 500ක් දෙනා රැස් කරලා


2021-06-04 07:56:38 -  239 යි

සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළ නිරෝධායන නීති ද නොතකා කොට්ටාව ග්‍රාමනිලධාරී වසමේ ජනතාව අද (03) කොට්ටාව පුණ්‍යාභිවර්ධනාරාමයට රැස්ව ඇත.

මොවුන් මෙලෙස රැස්ව ඇත්තේ රජය විසින් ලබා දීමට නියමිත රු. 5000 දීමනාව ලබා ගැනීමට ඉල්ලුම්පත් පිරවීමටයි.

කොට්ටාවේ මහජන ආරක්ෂක කමිටුව නමින් නිකුත් කළ වට්ස්අප් පණිවිඩයක් හරහා ජනතාවට දැනුම් දී ඇත්තේ මේ මස 03, 04,05 තෙදින තුළ අදාල අයැදුම්පත් කොට්ටාව පුන්‍යාභිවර්ධනාරාම විහාරාධිපති හිමිගෙන් ලබාගෙන එදිනම පුරවා භාර දෙන ලෙසයි.

වට්ස්ඇප් පනිවිඩය

‘‘මහජන ආරක්ශක කමිටුව නියෝජනය කරන සියලුම ස්වේච්ඡා සංවිධාන නිලධාරි වෙත….කොවිඩ් 19 පාලනයට සංචරණ සීමා පනවා ඇති හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ අය වෙනුවෙන් රජය දීමනාවක් ගෙවීමට මූලික සැලසුම් ඇත…කොවිඩ් 19 සංචරන සීමා වෙනුවෙන් ආදායම් අහිමි වූ අය 03- 04-05 තෙදින අයදුම්පත කොට්ටාව පුන්‍යාභිවර්ධනාරාම විහාරාධිපතිහිමිපාණන් වහන්සේට පුරවා භාර දෙන ලෙස ඔබ ප්‍රදේශයේ අය දැනුවත් කරන්න..‘‘

සංචරණ සීමා පනවා ඇති මේ මොහොතේ මෙපරිද්දෙන් ජනතාව එක් රැස්කොට අනතුරේ හෙලුවේ ඇයිදැයි විමසීමට අප මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මිය දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තා. එවිට ඇය ප්‍රකාශ කර සිටියේ කිසිදු අයුරකින් මෙවැනි දෙයක් කිරීමට උපදෙස් නොදුන් බවත් එවැනි දෙයක් කිරීමට අවශ්‍යතාවක් ද නැති බවයි. ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් දුන් උපදෙස් පිළිනොගෙන ග්‍රාමනිලධාරීවරිය විසින් මෙය සිදු කරන බව පැවසූ ප්‍රාදේශීය ලේකම්වරිය මෙය වහා නතර කරන ලෙස ග්‍රාමනිලධාරිණියට උපදෙස් දුන් බවත් කීය.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com