www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වයිෆ්ට ජොගින් ආනන්දෙ ගාව කොස්තාපල් ට්‍රාන්සර් කතාව මාධ්‍යයට තොරතුරු දුන්නාට විමර්ශනයක්


2021-06-03 07:25:19 -  960 යි

කොළඹ මරදාන ආනන්ද හන්දිය පොලිස් මාර්ග බාධකය අසලින් ව්‍යයාම සඳහා ගමන් ගත් කොළඹ ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානියකුගේ බිරිඳකට බාධා කළේ යැයි පවසා කොස්තාපල්වරයකු වෙනත් පොලිස් මුරපොළකට මාරු කිරීමේ සිද්ධිය පසුගිය දිනවල පුවත්පත් ඇතුළු මාධ්‍ය ගණනාවක පළවිය. 
මේ සම්බන්ධයෙන් මාධ්‍යයට තොරතුරු දුන් නිලධාරියා සොයා සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.ඒ අනුව මරදාන පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරික්ෂවරයකු, පාලන අංශයේ ස්ථානාධිපතිවරයා මෙන්ම විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ඇතුළු ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් තිදෙනකු, උප පොලිස් පරිකවරයකුගෙන් හා තවත් පොලිස් නිලධාරින් දසදෙනකු පමණ සහකාර පොලිස් අධිකාරි කාර්යාලයට කැඳවා ප්‍රකාශ ලබාගෙන ඇතැයි එම නිලධාරියා කීය.

 මරදාන බොරැල්ල මාර්ගයේ ආනන්ද හන්දිය පොලිස් මාර්ග බාධකය අසලින් ඉකුත් 28 වැනිදා ගමන් කිරීමට පැමිණි පොලිස් ප්‍රධානියාගේ බිරිඳ අමතා සංචරණ නීති පනවා ඇති හෙයින් ගමන් කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවට රාජකාරියේ සිටි කොස්තාපල්වරයකු පවසා ඇත.

එම අවස්ථාවේ දී පොලිස් ප්‍රධානියාගේ  බිරිඳ කොස්තාපල්වරයාට බැන වැදී තම ස්වාමි පුරුෂයා වන පොලිස් ප්‍රධානියාට ජංගම දුරකථන ඇමතුමක් ගෙන ඇති අතර ඔහු කතා කරන හඩ කොස්තාපල්වරයාට ඇසීමට සලස්වා ඇත.ඒ අවස්ථාවේ දී ජංගම දුරකථනය හරහා පොලිස් කොස්තාපල්වරයා අමතා ඇති පොලිස් ප්‍රධානියා ඔහු කවුදැයි හඳුන්වාදී "ඔය ඉන්නේ මගේ වයිෆ් ඕයි, එයාට ජොගින් යන්න දෙනවා” යැයි පවසා ඇත. සිද්ධිය වී මද වේලාවකින් කොස්තාපල්වරයා පුංචි බොරැල්ල හන්දිය පොලිස් මුරපොළට මාරුකර ඇති අතර පැය තුනකට පමණ පසුව ආනන්ද හන්දිය පොලිස් මුරපොළ වෙත නැවත මාරු කර ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com