www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අඟහරුවාදා කොරෝනා මරණ 42 යි වෙන්ව දැක්වීම අතහරී


2021-06-02 09:06:55 -  193 යි

ඊයේ ජුනි (1) අඟහරුවාදා කොරෝනා මරණ 42 ක් සිදුවූ බව සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂජනරාල් උපුටමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම මරණ සම්බන්ධ වාර්තාව ඊයේ සිට වෙනස් කර ඇති අතර සාරාංශ ගත තොරතුරු ඇතුළත් කර ඇත. වෙන් වෙන්ව මියගිය අය සටහන් කිරීම අතැර දමා ඇත. එම හේතුව නිසා තමන් දැනුවත්ව මියගිය අය ගැන සටහනින් තහවුරු කරගැනීමට තිබුණ අවස්ථාව ජනතාවට නොලැබී යයි.

මෙම වාර්තාවේ දින අනුව තහවුරු කළ මරණ සටහනක්ද එක්කර ඇත. කෙසේ වෙතත් එම සටහනට අදාළ දිනවලට වෙනත් දිනවලත් තහවුරුවූ මරණ ඇතුළත්වන නිසා එය වැරදි චිත්‍රයක් පෙන්වනු ඇත.  (මෙම වාර්තාවේ දින අනුව තහවුරු කළ මරණ සටහන ඊයේ අනුමත කළ මරණ වලට පමණක් සීමාවීම නිසා)

 



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com