www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සහරාන්ට ආධාර සහ රැකවරණ දුන් ඔලුවිල් විවාහ රෙජිස්ටාර් අල්ලයි


2021-06-01 13:52:45 -  133 යි

පාස්කු ප‍්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම්ගේ අන්තවාදයට ආධාර අනුබල ලබාදුන් සහ ඔහු ඇතුළු පස් දෙනකුට රැුකවරණය ලබා දුන් ඔලූවිල් ප‍්‍රදේශයේ විවාහ රෙජිස්ටාර්වරයකු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

2017 වසරේදී සහරාන් ඇතුළු පස් දෙනකු කාත්තන්කුඩි අලියාර් ප‍්‍රදේශයේදී තමන්ට එරෙහි පිරිසක් සමග ගැටුමක් ඇති කරගෙන එම ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර මේ කණ්ඩායම සැඟව සිට ඇත්තේ ඔලූවිල් ප‍්‍රදේශයේ ඉහත විවාහ රෙජිස්ටාර්වරයාගේ නිවසේය.

මෙම විවාහ රෙජිස්ටාර් සහරාන් ඇතුළු සැකකරුවන් පස් දෙනා ඔහුගේ නිවසේ රඳවාගෙන මුස්ලිම් අන්තවාදය වර්ධනය සඳහා ආධාර අනුබල ලබා දීම සිදුකර ඇති බවද පොලිසිය කියයි. විවාහ රෙජිස්ටාර්ගේ නිවසේ සැඟව සිටි සැකකරුවන් පස් දෙනාගෙන් දෙදෙනකු මවුලවිවරුන් වන අතර ඔවුන් ත‍්‍රස්ත ක‍්‍රියා විමර්ශන කොට්ඨාසයේ රඳවාගෙන ප‍්‍රශ්න කරන බවත්, සහරාන් ඇතුළු සෙසු තිදෙනා පාස්කු ප‍්‍රහාරයේ බෝම්බකරුවන් බවත් අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් විවාහ රෙජිස්ටාර්වරයා මඩකලපුව ත‍්‍රස්ත ක‍්‍රියා අනු කොට්ඨාසයේ සිට කොළඹට රැුගෙන ඒමට නියමිතව තිබිණි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com