www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කුරුණෑගල නගරාධිපතිගේ සාදයට එක්වූ ASPට මාරුවක් - පිරිත් පින්කමක් පැවැති ස්ථානයක කේක් කපලා


2021-06-01 13:51:15 -  125 යි

කුරුණෑගල ප‍්‍රදේශයේ පිරිත් පින්කමක් සංවිධානය කර තිබූ ස්ථානයක කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන් දිනය සමරමින් කේක් ගෙඩියක් කපන අවස්ථාවේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු පිරිසක් රැඳී සිටීම සම්බන්ධයෙන්් පොලිස් විශේෂ විමර්ශන අංශය සහ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ (31 දා) පැවැසීය.

පින්කම සංවිධානය කර තිබූ ස්ථානයේ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා කේක් කපා පැමිණ සිටි කිහිප දෙනාට ලබාදෙන අයුරුත් එම ස්ථානයේ රැඳී සිටි සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිස මුව ආවරණ ඉවත්කර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සිටි අයුරුත් විiුත් මාධ්‍ය මගින් ප‍්‍රචාරය කෙරිණි.

මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ අවධානය යොමුවීමෙන් පසු පොලිස්පතිවරයාගේ උපදෙස් මත වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා යටතේ විමර්ශනයක් ආරම්භ කළ බවද ඊයේ (31දා) වනවිට සහකාර පොලිස් අධිකාරිවරයා වෙනත් ප‍්‍රදේශයකට ස්ථාන මාරු කර යවා ඇති බවද අජිත් රෝහණ මහතා පැවැසීය.

නගරාධිපතිවරයාගේ උපන් දිනය සමරමින් ඔහුගේ නිවසේ කේක් ගෙඩික් කපමින් එය සැමරීමට අවස්ථාව ඇතත් පිරිත් පින්කම පැවැති ස්ථානයේ එය සිදුකිරීම අනුමත කළ නොහැකි බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com