www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දොස්තර යන්න කිවුවත් පුද්ගලික රෝහල් කොරෝනා ආසාදිතයන් හිරකර ගනිති… විශාල බිල් ගෙවන තෙක් යන්න නොදෙයි…


2021-05-30 08:07:54 -  171 යි

කොරෝනා ආසාදිතයන් සදහා ප‍්‍රතිකාර කරනු ලබන පුදගලික රෝහල් අසාධාරණ ලෙස මුදල් අය කරන්නේ යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් පවසයි.

එය වහාම වැළැක්වීමට පියවර ගන්නැයි ජනාදිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු ඉල්ලා සිටී.

පුද්ගලික රෝහල්වල ආසාදිතයන්ට සැලකිය යුතු ප්‍රතිකාර කිරීමක් සිදු නොකෙරුණද ඊට විශාල බිල්පතක් කරන බවද ඒ මහතා කියා සිටී.

ඇතැම් ආසාදිතයන්ට රෝහල් වලින් පිටව යා හැකි යයි වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුනද පෞද්ගලික රෝහල් විවිධ ගිවිසුම් ගැන කියා රෝගීන් දින ගණන් රඳවා ගනිමින් විශාල බිල්පත් ඉදිරිපත් කරන බවත් ඔහු කිටා සිටී.

තමන්ද කොරෝනා ආසාදනය වූ අවස්ථාවේදී මෙවැන අසාධාරණ අයකිරිම්වලට ගොදුරු වූ බවද පවසන ඔහු මේ ගැන පාර්ලිමේන්තුවේදීද කතා කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි පවසයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com