www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ව්‍යායාම කරද්දී හමුදා කපිතාන්වරයෙකු අසනීප වි මරුට


2021-05-07 10:50:04 -  469 යි

හොරණ දොඹගොඩ ප්‍රදේශයේ ඊයේ (06) උදේ ශාරිරික අභ්‍යාසවල නියැළි සිටි යුද හමුදා කපිතාන්වරයෙකු හදිසියේ අසනීපවී මියගොස් ඇතැයි අගුරුවාතොට පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ හොරණ, දොඹගොඩ යුද හමුදා යුධෝපකරණ බළකා කඳවුරේ රාජකාරි කළ කපිතාන් බී. උපාලි ආනන්ද නම් අයකු බව පොලිසිය කියයි. 

මීරිගම, වල්බෝතලේ, මහින්ද මාවතේ පදිංචිව සිටි ඔහු 51 හැවිරිදි වියේ පසුවිය.

හමුදා නිලධාරියා ඊයේ උදෑසන 6.50ට  පමණ තවත් සෙබළකු සමගින් ශාරීරික අභ්‍යාසවල නියැලෙමින් සිට ගල්පත රෝහල ආසන්නයේ ගමන් කරමින් සිටිය දී  පපුව අල්ලාගෙන බිම වාඩිවී ඇති බවත්, පසුව ගල්පාත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටිය දී ඔහු මියගොස් ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකිරිමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරිමට නියමිතව තිබිණි.


 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය -

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com