www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පලා නෙළන්න ගිය මවත් දුවත් පුතාත් මැටි වළක වැටි මරුට


2021-05-06 08:27:36 -  254 යි

පලාවර්ග නෙළා ඒවා විකුණා ජීවිතය ගැට ගසාගත් මවක සහ කුඩා දරු දෙදෙනා පලා කැඩීම සඳහා ගිය අවස්ථාවේ අනාරක්ෂිත මැටි වළකට වැටී මියගොස් ඇතැයි කටාන පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ කටාන අම්බලයාය කෝපිවත්ත ජනපදයේ පදිංචිව සිටි ඕවිටිගලගේ දොන් සුජීවා (42) සහ ඇගේ දරු දෙදෙනා වන ඉෂාරා දෙව්මිනි සහ සසිඳු අනුහස් යන තිදෙනාය.

මෙම මව සහ දරු දෙදෙනා පලා නෙලීම සඳහා සවස 3 පමණ ලඳු කැලෑ ප්‍රදේශයකට පිටත්ව ගොස් ඇතත් ආපසු නොපැමිණි නිසා මේ ගැන සොයා බලද්දී ඔවුන්ගේ සිරුරු අනවසරයෙන් කැපූ වතුර පිරීයන මැටි වළක පාවෙමින් තිබියදී සොයාගෙන ඇතැයි මූලික පරික්ෂණවලදී අනාවරණය වීයැයි පොලිසිය කියයි. එම තිදෙනා වහා අකරගම රෝහල වෙත ගෙන ගියත් ඔවුන් පරික්ෂා කළ වෛද්‍යවරයා ඔවුන් මිය ගිය බව දන්වා තිබේ. මෙම මරණ සම්බන්ධයෙන් මරණ පරික්ෂණ සහ පශ්චාත් මරණ  පරික්ෂණය ඊයේ 4 වැනිදා අකරගම රෝහලේදී පැවැත්වීමට  නියමිතය.


-ඩබ්ලිව්.කිර්තී-

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com