www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පෙම්වතිය බෙදාගන්න බැරිව ලොක්කාව මරා පිච්චූ ගෝලයා අත්අඩංගුවට


2021-05-03 12:08:50 -  655 යි

තලංගම ප‍්‍රදේශයේ පදිංචි ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කර මාතලේ, රත්තොට, දොඹගොඩ ප‍්‍රදේශයේ ළඳු කෑලෑ ප‍්‍රදේශයක පුළුස්සා දැමීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු 30 දා පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය කියයි.

මාතලේ, කලල්පිටිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති සැකකරු මාතලේ, ලෑලිඅඹේ, දෙහිදෙනිය ප‍්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි. ඝාතනයට ලක්ව ඇති ව්‍යාපාරිකයා කොළඹ, මාලඹේ පදිංචි 46 හැවිරිදි රාජපක්ෂ මුදියන්සේලාගේ චන්දන තිලක් රාජපක්ෂ යන අයයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා තලංගම, තලාහේන ප‍්‍රදේශයේ ගොඩනැඟිලි ඉදිකිරීම් සමාගමක් පවත්වා ගෙන ගොස් තිබේ.

ප‍්‍රධාන සැකකරු මෙම සමාගමේ සේවය කරමින් සිට ඇත. එම ආයතනයේම සේවය කරන තරුණියක් සමග ඔහු පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වා ගෙනගොස් ඇත. ඒ අතරතුර ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා ද අදාළ තරුණිය සමග පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වාගෙන යාම නිසා මෙම ඝාතනය සිදුව ඇති බවට මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අදාළ ව්‍යාපාරිකයාගේ මෝටර් රථය අනුරාධපුරය ප‍්‍රදේශයේ අතහැර දමා තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබූ අතර එහි තිබු ලිපිගොනු රැුසක්ද පොලිසිය සොයා ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට පත්වීමෙන් පසු සිදුකළ පපොච්චාරණයකදී අනාවරණය වූ කරුණු ඔස්සේ වැඩිදුර විමර්ශන සිදුකරයි. එහිදී සැකකරු කියා ඇත්තේ ව්‍යාපාරිකයාගේ ගෙල කපා ඝාතනය කර මාතලේට රැුගෙන විත් උකුවෙල ඉන්ධන පිරවුම් හලෙන් පෙට‍්‍රල් මිලදීගෙන දොම්බගොඩ ප‍්‍රදේශයේදී මළසිරුර පුළුස්ස දැමූ බවය.

මාතලේ කොට්ඨාස භාර පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත මාතලේ මුලස්ථාන පොලිස් පරීක්ෂක චානක ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.පී.එම්.තිලකවර්ධන, උප පොලිස් පරීක්ෂක කිර්ති බණ්ඩාර, ඩබ්ලිව්.පී.ඒකනායක, පොලිස් සැරයන් බණ්ඩාරනායක (6921) කුරුප්පු (6517) ලසන්ත (57197) දිස්නයක (14619) ජයතිස්ස (68968 ) යන නිලධාරීහු විමර්ශන සිදු කරති.

දඹුල්ල-සරත් එරමිනිගම්මන

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com