www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ කරනවා - ෆේස්බුක් ඔස්සේ වහසිබස් දෙඩු 19 හැවිරිදි ගම්පොළ තරුණයා බුද්ධි අංශ අත්අඩංගුවට (PHOTOS)


2021-04-30 11:55:45 -  260 යි

සහරාන් සිදු කළාක් මෙන් නැවතත් බෝම්බ ප‍්‍රහාරයකට සූදානම් බවත් ඉන්දියාව වර්තමානයේ පත්ව ඇති ඛේදනීය තත්ත්වයට ශ‍්‍රී ලංකාවත් පත්කළ යුතු බවත් සඳහන් කරමින් මුහුණු පොතේ සටහන් තැබූ ගම්පොළ කහටපිටිය පදිංචි 19 හැවිරිදි මුස්ලිම් ජාතික තරුණයකු ගම්පොළ මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මොහු පාස්කු ප‍්‍රහාරයේ ප‍්‍රධාන සැකකරුවන් සහ මාවනැල්ල බුදු පිළිම කැඞීමේ ප‍්‍රධාන සැකකරුවන් වන හක් හහෝදරයන් (ඉබ‍්‍රාහිම් සාදික් අබ්දුල්හක් හා ඉබ‍්‍රාහිම් සාහිඞ් අබ්දුල් හක්) දෙදෙනාගෙන් ඉබ‍්‍රාහිම් සාදික් අබ්දුල් හක් ගම්පොළ ප‍්‍රසිද්ධ පාසලක විනය බාර ගුරුවරයා ලෙස සේවය කළ පාසලේම මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට ප‍්‍රතිඵල එනතුරු බලා සිටින ශිෂ්‍යයකු බවද පොලිසිය සඳහන් කරයි.
 
 මෙම තරුණයාගේ පියා මඩකලපුව ඔට්ටමාවඩි ප‍්‍රදේශයේ උපන් අයකු බවත් ඔහු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු ලෙස පසුගිය රජය සමයේ කටයුතු කර මේ වන විට ජපානයේ සිටින බවත් සොයා ගෙන ඇත.
 
නැවතත් බෝම්බ ප‍්‍රහාරයකට සූදානම් බවට මුහුණු පොතින් ප‍්‍රචාරය කළ මෙම සිසුවා පාසල තුලදී ජාතිවාදී අදහස් අනෙක් සිසුන් අතරේද ව්‍යාප්ත කර ඇති බව හෙළි වී තිබේ. සමාජය තුලද එම මතය පතුරුවමින් ක‍්‍රියාකර ඇති බව පැවැත් වූ දීර්ඝ විමර්ශනයකින් තහවුරු වීමත් සම`ග ජාතිවාදී ප‍්‍රචණ්ඩත්වය ඇති කිරීමේ චෝදනාව මත ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
 
පසුගිය කාලයේදී මෙම පාසලේ සිංහල අංශය මගින් සංවිධානය කරන ලද වෙසක් සැරසිලි ආදියට වෙනත් ජාතියක සිසුන් ගිනි තබා විනාශ කිරීම සිංහල සිසුන්ට හා ගුරුවරුන්ට විවිධ කෙනෙහිලිකම් කිරීම ආදිය නිසා එයට විරෝධය පා ඒ පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානයට ලක් කිරීම සඳහා ගම්පොල නගරයේ පෙළපාලියක් ද නගරවාසීන් විසින් සංවිධානය කර තිබුණි.
 
එසේම මෙම හක් සහෝදරයන්ගේ මාමා කෙනෙකු මෙම පාසල අසල පදිංචිකරුවකු වන අතර ඔහුගේ නිවසේ අන්තවාදී පංති පවත්වා ඇති බවද එවකට බුද්ධි අංශ මගින් සොයා ගෙන තිබුණි.
 
පාස්කු ප‍්‍රහාරයෙන් පසු මෙම හක් සහෝදරයන් දෙදෙනා මෙම මාමාට අයිති ගම්පොල නගරයේ ඇති සපත්තු වෙළෙඳ සැලක සැගවී සිටියදී පොලිසියට හසු වූයේ රහස් රැසක්ද හෙළි කර ගනිමිනි.
 
 අත්අඩංගුවට ගත් 19 හැවිරිදි තරුණයා රඳවා තබාගෙන පරීක්‍ෂණ පැවැත්වීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළේ.

මේ එම තරුණයා සමාජ මාධ්‍යයේ තබා තිබු සටහන් කිහිපයයි : 



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com