www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අඟහරුගේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ්වලින් ඔක්සිජන් නිපදවීමට Perseverance රෝවරය සමත් වෙයි


2021-04-23 07:39:17 -  412 යි

අඟහරු ග්‍රහයාගේ වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් තුළින් ඔක්සිජන් නිපදවීමට Perseverance රෝවරයේ ඇති උපාංගයක් සමත් වී තිබේ.

මෙම රෝවරය මගින් සාර්ථකව සිදු කළ දෙවන තාක්ෂණික අත්හදාබැලීම මෙයයි. පළමු අත්හදාබැලීම වූයේ කුඩා හෙලිකොප්ටර් යානයක් පියාසර කරවීමය.

මෙලෙස ඔක්සිජන් නිපදවා ඇත්තේ, ටෝස්ටර් උපකරණයක ප්‍රමාණයෙන් යුත් උපකරණයක් මගිනි. එය නම් කර ඇත්තේ, Moxie (Mars Oxygen In-Situ Resource Utilization Experiment) නමිනි.

එමගින් ඔක්සිජන් ග්‍රෑම් 5ක් නිපදවීමට සමත් වී ඇති අතර එම ප්‍රමාණය අඟහරු ග්‍රහයා මත ගගනගාමියෙකුට මිනිත්තු 10ක කාලයක් රැඳී සිටීම සඳහා ප්‍රමාණවත්ය.

නාසා ආයතනය උත්සහ දරනුයේ ඉදිරියේදී ගගනගාමීන්ට අවශ්‍ය සියලු ඔක්සිජන් ප්‍රමාණ පෘථිවියේ සිට රැගෙන යාම වෙනුවට වැඩි පරිමාණයකින් ඔක්සිජන් අඟහරු ග්‍රහයා මතදී ම නිෂ්පාදනය කිරීමටය.

 



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com