www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කොස්ගොඩ තාරකත් විකුණූ ලෝක හොරා අත්අඩංගුවට… අපරාධ 40 යි: නඩු 12කට වරෙන්තු


2021-04-10 17:38:36 -  362 යි

දැනට බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කොස්ගොඩ තාරක නමින් දීර්ඝ කාලයක් තිස්සේ ව්‍යාපාරිකයන් බියගන්වා කප්පම් ලබාගත් බව කියන අපරාධ රැසකට සම්බන්ධ වරෙන්තුකරුවකු කළුතර කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් පෙරේදා (08දා) ගම්පහ ගණේමුල්ල ප‍්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.
 
 මොහු 2019 වසරේ බන්ධනාගාරගතව සිට ඇති අතර ඇඹිලිපිටිය මහාධිකරණයේ නඩුවක් සඳහා ගෙනඑමින් සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී අත්විලංගු පිටින්ම පැනගිය අයෙකි.
 
 මොහු ඇඹිලිපිටිය, තණමල්විල,  ඇහැලියගොඩ, පැල්මඩුල්ල ආදී ප‍්‍රදේශ  ගණනාවක ගෙවල් බිදුම් හා කොල්ලකෑම්  රැසක සැකකරු වන අතර ඊට අදාළ නඩු 40ක තොරතුරු අනාවරණය වී ඇති බවත් ඇඹිලිපිටිය මහාධිකරණයේ විභාගවන නඩු 12ක වරෙන්තුකරුවකු බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
 
 මොහු අලූත්ගම ප‍්‍රදේශයේ  ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 2ක කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර මොහු ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබේ. ඉන් රුපියල් පනස් දාහක අත්තිකාරම් මුදලක් මොහු සඳහන් කළ ගිණුමට බැංකුගත කර තිබේ.
 පැමිණිලිකරුට මොහුගෙන් ආ දුරකථන ඇමතුම් ඔස්සේ උප පොලිස් පරීක්ෂක ජයන්ත මහතා කළ විශේෂ බුද්ධි මෙහෙයුම ඔස්සේ මොහු සැඟව සිටින ප‍්‍රදේශය හඳුනාගෙන ඇත.
 
 ඒ අනුව කප්පම් මුදල් තැන්පත් කළ  ගිණුමේ හිමිකාරිය සහ මොහුට රැකවරණ ලබාදුන් ගම්පහ ගණේමුල්ල ප‍්‍රදේශයේ තවත් අයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත. ඇඹිලිපිටියේ පදිංචිකරුවකු බව කියන මොහුට ජාතික හැඳුනුම්පතක් නොමැති බවත් වෙනත් අයකුගේ ජාතික හැඳුනුම්පතක් හා රියැදුරු බලපත‍්‍රයක් භාවිතා කර ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
 
 මෙම කප්පම් ගැනීම්වලට උපයෝගි කොට ගත් බව කියන ජංගම දුරකථන 04ක්, සිම් පත් 12ක්, බැංකු පොතක් හා බැංකු කාඞ්පතක් ද පොලිස් භාරයට ගෙන ඇත.
 
 වරෙන්තුකරුවකු වන මොහු වෙනුවෙන් ඇප වී සිටි ඇපකරුවන් කීපදෙනෙකුටම මොහු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා යෑමත් සමග බන්ධනාගාරගත වීමට සිදු වී ඇති බව පොලිසිය කියයි.  මොහු හා මොහුට සහාය වූ අනෙක් සැකකරු හා සැකකාරිය ඊයේ (09 දා* කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර තිබුණි. කප්පම් ලබා ගැනීම, බන්ධනාගාරයෙන් පලා යෑම හු මුදල් විශුද්ධිකරණ පනතට අදාළ වැරදි ද ඇතුළු තවත් කරුණු රැුසක් මත මොහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com