www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දර්ගා නගරයේ පාසලක දරුණු සිසු ගැටුමක්.. බරපතල වූ සිසුවෙක් කොළඹ ජාතික රෝහලට.. පාසැලේ දේපළ වලට හානි.. 10ක් අත්අඩංගුවට…


2021-04-10 08:59:40 -  248 යි

දර්ගා නගරයේ ප්‍රසිද්ධ පාසලක උසස් පන්ති දෙකක සිසුන් දෙපිරිසක් අතර ඇති ඇතිවූ ගැටුමෙන් තුවාල සිදු වූ සිසුවා ගේ එක් ඇසකට බරපතළ තුවාල සිදුව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම සිසුවා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා, පහර දීමට සම්බන්ධ සිසුන් හතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි (9)අලූත්ගම පොලිසිය කියයි .

මෙම සිද්ධියෙන් අනතුරුව එම විද්‍යාලයට බලහත්කාරයෙන් පැමිණ කලා කාරී ලෙස හැසිරී එම විද්‍යාලයේ දේපල වලට හානි කරන ලද බව කියන තුවාල ලැබූ සිසුවා ගේ පියා ඇතුළු සැකකරුවන් හය දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව විමර්ශන සිදුකරන අලුත්ගම පොලීසිය කියයි .

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා ඇතුළු පාසල් සිසුන් හතර දෙනා අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතය .

මේ හේතුවෙන් අද (9)දින ද කිසිම සිසුවෙක් පාසලට පැමිණ නොමැති බව බේරුවල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජයන්ත සෝමරත්න මහතා පැවසීය .

සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිස් ස්ථානාධිපති අශෝක කරුණාරත්න මහතා ඇතුළුපොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි .

 අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com