www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ද්වි පාර්ශවික මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ චීනයෙන් ඩොලර් බිලියන 1.5ක්


2021-03-23 08:34:56 -  186 යි

චීන මහජන බැංකුව සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව ද්වි පාර්ශවික මුදල් හුවමාරු ගිවිසුමකට එළඹ තිබේ.

එම ගිවිසුම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව උපරිම වශයෙන් චීන යුවාන් බිලියන 10 ක් හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක පමණ මුදල් හුවමාරු පහසුකමකට හිමිකම් ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

දෙරටේ ආර්ථික සංවර්ධනය සඳහා ද්විපාර්ශවික වෙළෙඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමටත් දෙපාර්ශවයේම එකඟතාව මත වෙනත් අරමුණු සඳහාත් එම අරමුදල් භාවිත කිරීමට හැකි වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත, එම හුවමාරු ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. 

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා සහ චීන මහජන බැංකු අධිපති ආචාර්ය යී ගැන්ග් මහතා එම ගිවිසුමෙහි අත්සන් දායකයන් ලෙස සම්බන්ධ වී තිබේ.

එම ගිවිසුම වසර තුනක කාල සීමාවක් සඳහා වලංගු වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com