www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බිරිය එළවා දමා පුංචි අම්මා අඹුකමට ඉල්ලූ නරුමයා


2021-03-19 07:59:31 -  920 යි

සිය බිරියට පහරදී එළවා දමා පුංචි අම්මා අඹුකමට ගැනීමට යෑමකදී යෝජනාව ප්‍රතික්ෂේප කිරීම නිසා පහර කෑමට ලක් වූ පුංචි අම්මා බව කියන කාන්තාව පෙරේදා (16දා) කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් පොලිසිය කියයි.

මෙලෙස කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ කෑගල්ල පොලිස් වසමේ වතුර වඩුපොළ වත්තේ පදිංචි 54 හැවිරිදි විවාහක කාන්තාවකි.

නේවාසිකව ප්‍රතිකාර ලබන කාන්තාව සිය සැමියා සමඟ නිවෙසේ පදිංචිව සිටින අතර ඇයට දරුවන්
නොමැති බව පොලිසිය කියයි. මෙම කාන්තාවගේ සැමියා අල්ලපු වත්තක රබර් කිරි කපන බවත් එම උපයන
මුදලින් දෙදෙනාම ජීවත් වන බවත් පොලිසිය කියයි.

මෙම කාන්තාවගේ වැඩිමහල් සහෝදරියකගේ පිරිමි දරුවෙක් ගමේ පදිංචි බවත් ඔහු බිරියට පහරදී එළවා
දමා ඇති බව විමර්ශනවලදී අනාවරණය වෙයි. මෙම පිරිමි දරුවා කලක සිට පුංචි අම්මා අඹුකමට ගැනීමට
උත්සාහ කර ඇති බවත් ඔහු ගෙනා යෝජනා සියල්ල ඇය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව පොලිසිය කියයි.



පෙරේදා 16දා කාන්තාවගේ සැමියා රබර් කිරි කැපීමට ගිය අවස්ථාවේදී සහෝදරියකගේ පුතා පැමිණ
විවිධ යෝජනා ගෙන ආ අවස්ථාවේදී ඇය සියල්ල ප්‍රතික්ෂේප කළා යැයි පවසා පුද්ගලයා පුංචි අම්මාට
පොල්ලකින් පහරදී තුවාල සිදුකර පලා ගොස් තිබිණි. පසුව තුවාලකාරිය ත්‍රිරෝද රථයකින් කෑගල්ල මහ
රෝහලට ඇතුළත් කර තිබිණි. ඇය එහිදී ප්‍රකාශ කර ඇත්තේ සැකකාර පුත්‍රයා මීට පෙර අවස්ථාවකදී ද
පහරදුන් බවත් ඉදිරියේදී තවදුරටත් තමාට කරදර ඇති විය හැකි බවත් නීතියේ පිහිට පතන බවත් පොලිසිය
හමුවේ ප්‍රකාශ කර තිබිණි. පහර දීමෙන් පිටතට පෙනීමට තුවාල නැති බවත් තැළීම් තුවාලවලට
ප්‍රතිකාර කර ඇති බවත් පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුරටත් විමර්ශන
කටයුතු සිදු කිරීමට නියමිතය.

දමුණුපොළ - චමින්ද ජයලත්

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com