www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

"මේ ලෝකයෙන් මම යන්න යනවා. මට කවුරුත්ම නෑ. මම තනිවෙලා..." - සිවුරු අත්හරින්න ඉඩ නොදුන්නාට සිත් තැවුලෙන් සාමණේර හිමි දිවිනසාගෙන


2021-03-12 08:25:26 -  915 යි

අම්මා ගෙදර එන්න එපා කියනවා...
මට හිතුණ දේ මම කරගත්තා...

මව සමඟ ඇතිකරගෙන තිබූ ආරවුලක් හේතුවෙන් සිත් පීඩාවට පත්වී සිටි සාමණේර හිමිනමක් ගෙල සිරකරගෙන සියදිවි නසාගෙන ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය පවසයි. 

සාමණේර හිමිනම මීට වසර දෙකකට පමණ ඉහතදී පැවිදිව තිබෙන අතර පිරිවෙන් අධ්‍යාපනය ලබාගැනීමට අනුරාධපුර පොලිස් වසමේ පහළගම, මහබුලංකුලම ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකට වැඩම කර තිබේ. 

15 හැවිරිදි සාමණේර හිමිනමක් දිවි තොරකරගෙන තිබෙන අතර පිරිවෙන් අධ්‍යාපනය ලැබීමට නොහැකි බවත් උපවැදිවීමට අවශ්‍ය බවත් කියමින් මව සමඟ නිරන්තරයෙන් ඇති වී තිබූ ආරවුලක් නිසා දිවිතොර කරගැනීම සිදුකරගෙන තිබෙන බව අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂක ජේ.එම්. ජයතිලක මහතා නිගමනය කළේය. 

අවස්ථා කිහිපයකදීම විහාරස්ථානයේ ආවතේවකරුගේ ජංගම දුරකථනය ඉල්ලාගෙන හසලක පදිංචි මවට ඇමතුම් ලබාදෙමින් පැමිණ තමන්ව නිවෙසට රැගෙන යන ලෙසත් මහනදම් පිරිය නොහැකි බවත් සාමණේර හිමියන් පවසා තිබෙන බව මරණ පරීක්ෂණයේදී අනාවරණය විය. 

දරිද්‍රතාව නිසා මව විසින් සාමණේර හිමිනමගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අධ්‍යාපනය ලබනා ලෙස ඉල්ලා තිබෙන බවත් පසුගියදා (4දා) රාත්‍රියේ විහාරස්ථාන භූමියේ පිහිටි මයිල ගසක නයිලෝන් ලණුවක ආධාරයෙන් එල්ලී උන්වහන්සේ සියදිවි නසාගෙන තිබෙන බව පැවැති පරීක්ෂණවලින් අනාවරණය විය. 

සාමණේර හිමියන් එල්ලී සිටින අයුරු දැක විහාරස්ථානයේ සෙසු ස්වාමීන්වහන්සේලා විසින් ලණුව  කපා උන්වහන්සේව ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට රැගෙන ගොස් ඇතත් දිවි බේරාගැනීමට නොහැකිවී ඇති බව පොලිසිය පවසයි. 

“මේ ලෝකයෙන් මම යන්න යනවා. මට කවුරුත්ම නෑ. මම තනිවෙලා ගෙදර යන එක මට සැබෑකර ගන්න බැරිවුණා. අම්මා ගෙදර එන්න එපා කියනවා. මට හිතුණ දේ මම කරගත්තා” යැයි කියමින් හිමිනම දිවිතොරකර ගෙන තිබිණි. 

ස්ථානීය පරීක්ෂණයක් සිදුකළ අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂක ජේ.එම්. ජයතිලක මහතා උන්වහන්සේ භාවිත කළ පොත්පත් නිරීක්ෂණය කර ලිපිය උන්වහන්සේම ලියූ එකක් බව තහවුරු කරගෙන මරණය සියදිවි නසාගැනීමක් බවට නිගමනය කළේය. 

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණසේකර මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් රත්නායක (47902) මහතා මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළේය. 

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

මව්බිම

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com