කසාදෙ කටුගා අමුතුම ජොබ් එකට බැහැලා - තරුණියෝ හත්දෙනයි කළමනාකරුයි කූඩු
|

2021-02-26 05:53:51
- 3169
යි
ගාල්ල, පෙට්ටිගලවත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක් තුළ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සිටි තරුණියන් 07 දෙනකු හා කළමනාකරු අත්අඩංගුවට ගත් බැව් ගාල්ල පොලිසියේ දුෂණ මර්දන අංශය පවසයි.
පොලිසිය විසින් උපාය දුතයකු යොදවා මෙකී ගණිකා මඬම පෙරේදා (23 දා) පස්වරුවේ දී වටලා ඇති අතර අත්අඩංගුවට ගත් තරුණියන් ගාල්ල, බද්දේගම, අකුරැුස්ස, වව්නියාව සහ පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව විමර්ශනවලදී අණාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් කාන්තාවන් වයස අවුරුදු 24, 25, 35 යන වියේ පසුවන බව විමර්ශනවලදී ආනාවරණය වී ඇත. මෙකී ගණිකා නිවාසය පවත්වාගෙන ගිය හිමිකරු ගාල්ල, කරාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දැනට මාස දෙකකට පමණ ඉහතදි මෙකී ගණිකා මධ්‍යස්ථානය ආරම්භකොට ඇති බව පොලිසිය පවසයි.
මෙකී ගණිකාවන් රුපියල් 2000, 3000 ආදී මුදලකට අලෙවි කර ඇති අතර මින් වැඩි දෙනකු දික්කසාද වුවන් බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් 07 දෙනා සහ එහි කළමනාකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ගාල්ල පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික නාගහවත්ත පො. සැ. (43504) අබේතුංග, පො. සැ. (5904) ලලිත්, පො. සැ. (14353) මදනායක, පො. සැ. (3391) තුෂාර, පො. සැ. (59016) සිසිර යන නිලධාරින් කා. පො. සැ. ශ්‍රියානි යන නිලධාරිනිය විසින් මෙකී වැටලීම කරණු ලැබීය.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි, ගාල්ල, අහංගම - සුගතපාල දියගහගේ, වංචාවල - ගැමුණු චන්ද්‍රලාල්
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|