ටෙනිසන් කුරේ කලාකරුවා සිය ජිවන රඟ මඩලින් අද (28) සමුගත්තා.
මෙරට සිනමාවේ ප්‍රවීණ චරිතයක් වුන විකට රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා ඇති වූ හදවත් රෝගී තත්වයක් හේතුවෙන් පසුගිය දා රෝහල් ගත කර තිබෙනවා.
මිය යන විට ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් 68 වන වියේ පසු වුණා.
ටෙනිසන් කුරේ යනු ශ්‍රී ලංකාවේ විකට නළුවෙකු,වේදිකා නාට්‍ය නළුවෙකු සහ අධ්‍යක්ෂවරයෙකුද වනවා.
පෙරළිකාරයෝ සිනමා පටයෙන් සිනමාවට ඔහු මුල් පියවර තැබූයේ නළුවෙකුට වඩා කතා රචකයෙකු ලෙසයි.
ඔහු විසින් පෙරළිකාරයෝ , දෙමෝදර පාළම , කොළොම්පූර් වැනි වර්තාගත සිනමා කතාවන්ද රචනා කර තිබෙනවා.
ඔහුගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය තැන්ක් යූ බර්ටි, තිරගත වූයේ 2011 නොවැම්බර් 25 දිනයි.