ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට සහ අධිකරණයට හොරෙන් පාස්කු බෝම්බකරුවකුගේ දුරකථන ඔස්ටේ‍්‍රලියානු පොලිසියට දීලා
|

2020-09-22 14:14:47
- 2580
යි
පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවකුගේ සහ ඔහුගේ බිරියගේ ජංගම දුරකථන දෙකක් පසුගිය රජය යටතේ රහස් පොලිසිය විසින් ඔස්ටේ‍්‍රලියානු ෆෙඩරල් පොලිසියට ලබාදී ඇත.
ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට සහ අධිකරණයට හොරෙන් මෙම ජංගම දුරකථන ලබාදී ඇතැයි පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.
මේ බව හිටපු ජනපතිට සහ රජයටද වසන්වී ඇත.
එසේම සහරාන් සතු ජංගම දුරකථන දෙක ඇමරිකානු එෆ්බීඅයි පොලිසියට ලබාදී ඇති බව හෙලිවී ඇත.
මෙම ජංගම දුරකථනවල ඇති දත්ත චීනය ලවා පරීක්‍ෂාවට ලක් කළ හැකි වුවත් චීනයේ සහය ලබාගෙන නැත.
කීර්ති වර්ණකුලසූරිය
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|