www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඉන්දීය නිළියක් හමුවීමට යාමට නොහැකි වූ නිසා ‘ලංකාවේ තරුණියක්’ දිවි නසා ගනී


2020-05-26 11:56:18 -  1616 යි

යාපනය, චුන්නාකම්, කොට්ටේකාඩු ප්‍රදේශයේ තරුණියක් සිය සිරුරට ගිනිතබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

26 හැවිරිදි තරුණියක් මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවයි චුන්නාකම් පොලිසිය පැවසුවේ.

දකුණු ඉන්දීය ටෙලිනාට්‍ය මාලාවක රංගනයේ යෙදෙන නිළියක් හමුවීමට ඉන්දියාට යාමට නොහැකි වීම නිසා සිත් තැවුලට පත්ව ඇය මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි චුන්නාකම් පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ.

සිරුරට ගිනි තබාගත් තරුණිය යාපනය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුගිය 24 වනදා ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මීට පෙරද අදාල තරුණිය දකුණු ඉන්දීය නිළිය හමුවීමට අවශ්‍ය බව පවසමින් ඇයගේ දෙමාපියන්ට බලපෑම් කර සිය දිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 17 =       

New Page 1

 Â© 2014 by www.eethalayanews.com