www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වාහන සේදුම් ආයතනයට ආයුධ සමඟ කඩා වැදුනු පිරිසක් සේවකයන්ට පහරදෙයි, දෙදෙනකු අත්අඩංගුවට


2020-02-03 12:56:21 -  1595 යි

බෙලිඅත්ත ප්‍රදේශයේ වාහන සේදුම් ආයතනයකට ආයුධයක් අතැතිව කඩා වැදී, එම ආයතනයට හා සේවකයන්ට පහරදුන් බව කියන දෙදෙනෙකු පෙරේදා (01) අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලීසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

බෙලිඅත්ත දම්මුල්ල ප්‍රදේශයේ වාහන සේදුම් ආයතනයකට ඉකුත්දා (01) යතුරුපැදියකින් සහ මෝටර් රථයකින් පැමිණි බව කියන දෙදෙනෙකු එම ආයතනයේ සේවකයන්ට පහරදුන් බවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. මෙම සැකකරුවන් සතුව ආයුධයක්ද තිබී ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

වාහන සේදුම් ආයතනයේ CCTV කැමරා වල මෙම සිද්ධිය පටිගතවී තිබු අතර එම ආයතනයේ සේවකයන් සමඟ මොවුන් බහින්බස් වන ආකාරයද සටහන් වී තිබේ.

මෙලෙස පැමිණි අයෙකු යතුරුපැදියේ තිබු තියුණු ආයුධයක් රැගෙන සේවකයෙකු පසුපස ලුහුබඳින ආකාරයද CCTV කැමරා වල සටහන් වී තිබේ. 

බෙලිඅත්ත පොලීසිය විසින් සිද්ධියට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 15 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com