www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

චීන කත සිටි අහුන්ගල්ලේ හෝටලේ සහ කොළඹ WTC හි කොරෝනා සැක රෝගීන් දෙදෙනෙක්


2020-01-28 20:43:46 -  1591 යි

ඊයේ (27) කොරෝනා ආසාදනය වූ බවට තහවුරුවූ 43 හැවිරිදි චීන කාන්තාව අවසන් වරට ලංකාවේ ලැගුම් ගෙන සිටි අහුන්ගල්ලේ රියු හෝටලයේ සේවය කරමින් සිටි සේවිකාවක අද (28) සන්ධ්‍යා කාලයේ ස්වසන අපහසුතාවයක් නිසා 

කොළඹ අයි.ඩී.එච් රෝහලට යොමු කර තිබේ. ඇයගේ රෝගී තත්වය මත ඊයේ ඇය බලපිටිය රෝහලට ඇතුළත්ව සිටි අතර ඇය සේවය කළ හෝටලයේම කොරෝනා වැළඳුණු චීන ජාතික කාන්තාව සිටි නිසා වෛද්‍යවරුන් මෙම රෝගී තත්වය ගැන සැකයක් ඇති විය.
මෙසේ රෝහල් ගත කර ඇති කාන්තාව කොළඹ රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකාරික වන අතර වයස 30 කි.

මේ අතර කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ පිහිටි ප්‍රකට ජංගම දුරකථන සේවා ආයතනයක සේවකයකු අසාධ්‍යවී ඔහු අද දහවල් රෝහල් ගත කළ අතර සමාජ මාධ්‍ය තුළ එම රෝගියා රැගෙන ගිය දර්ශන සමග විස්තර කර තිබුනේ කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සැක මතුවීම මත රෝහල් ගත කළ බවකි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 12 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com