www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දෙමළ බසට ප‍්‍රමුඛතාව දී අලුතින් නිර්මාණ කිරීමට ගිය උතුර සහ නැගෙනහිර නාමපුවරු වැඩ නවතයි.


2019-12-17 08:32:38 -  1735 යි

උතුර සහ නැගෙනහිර පළාත්වල පොලිස් ස්ථානවල නාමපුවරු දෙමළ බසට ප‍්‍රමුඛතාව දී අලුතින් නිර්මාණ කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති - ප‍්‍රවර්තන, පි‍්‍රයන්ත වීරසූරිය විසින් අදාළ පොලිස් ස්ථාන වෙත මේ සඳහා උපදෙස් දී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

දෙමළ බසට ප‍්‍රමුඛතාව දී නාමපුවරු අලුතින් නිර්මාණය කරන ලෙස උතුර සහ නැගෙනහිර පළාත්වල ඉහළ පොලිස් නිලධාරීන් වෙත මීට පෙර දැනුම්දීමක් කර තිබුණා. නෙත් නිවුස් ඉකුත් 12 වැනිදා ඒ බව පළමු වරට වාර්තා කළ අතර එහිදී අනාවරණ කෙරුණේ ඉකුත් ආණ්ඩුව සමයේ සැප්තැම්බර් 06 වැනිදා දිනැතිව රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් කරන ලද නිර්දේශයක් අනුව අදාළ දැනුම්දීම සිදුකර තිබුණු බවයි.

උතුර සහ නැගෙනහිර පළාත් ද්‍රවිඩ මූලික පළාත් ලෙස නම් කර ඇති නිසා එහි නාමපුවරු සියල්ලම ද්‍රවිඩ භාෂාවට ප‍්‍රමුඛතාව දී සකස් විය යුතු බවට පැමිණිල්ලක් ලැබී තිබුණු බව රාජ්‍ය භාෂා කොමිසම නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයට දන්වා තිබුණා.

එහි පිටපතක් පොලිස්පතිවරයා වෙතද යොමුකර තිබුණු අතර ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණ සති 02 ක් ඇතුළත රාජ්‍ය භාෂා කොමිෂන් සභාව වෙත දැනුම් දෙන ලෙසයි ලිපියේ වැඩිදුරටත් සදහන්ව තිබුණේ. 

කෙසේවෙතත් අදාළ නිර්දේශය මත පදනම්ව දෙමළ බසට ප‍්‍රමුඛතාව ලබාදී නාමපුවරු අලූතින් නිර්මාණ කරන ලෙස උතුර සහ නැගෙනහිර යන පළාත්වල ඉහළ පොලිස් නිලධාරීන්ට දැනුම් දීමක් ලැබී තිබුණේ ලිපියේ දින සිට මාස 3 ක් ද ඉක්ම ගොස් තිබියදීයි. පොලිස් ස්ථානවල නාමපුවරු මෙලෙස අලුතින් නිර්මාණ කිරීම සමාජ විරෝධයකටද හේතු වී තිබුණා. 

ඒ පිළිබද නෙත් නිවුස් කළ අනාවරණයද සැලකිල්ලට ගනිමිනුයි දෙමළ බසට ප‍්‍රමුඛතාව දී උතුර සහ නැගෙනහිර යන පළාත්වල පොලිස් ස්ථානවල අලුතින් නාමපුවරු නිර්මාණ කිරීම අත්හිටුවා තිබෙන්නේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 10 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com