පාස්කු ප්‍රහාරයට අදාළව රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන වැලිකඩ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවකු බන්ධනාගාරය තුළදී මියගොස් තිබේ.
මෙම මරණය ගැන රහස් පොලිසිය විසින් පෙරේදා (14දා) කාත්තන්කුඩි පොලිසියට දැනුම් දී ඇති අතර පසුව ඥාතීන් විසින් කොළඹ ජාතික රෝහලට පැමිණ මෘත ශරීරය රැගෙන ගොස් කාත්තන්කුඩිය ප්‍රදේශයේදී පෙරේදාම (14දා) දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කර ඇත.
මරණයට අදාළව පශ්චාත් මරණ පරික්ෂණයද සිදුකර ඇති අතර එහි වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ කාත්තන්කුඩි, මුහම්මද් පටුමඟෙහි පදිංචි ජෙයිනුලාබ්දීන් මුහම්මද් ජෙසීල් (18) යන අය බවද පොලිසිය පවසයි.
සහරාන්ගේ කණ්ඩායම සමඟ ගනුදෙනු කිරීම මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
චාමර අමරසූරිය