නිද්‍රාශීලී එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් යොදවා ඉන්දියාවේ සිට යළි ත්‍රස්ත ක්‍රියා මෙහෙයවන්නට ගිය කොටි නායකයකු සමග සබඳතා පැවැත්වූ සිවු දෙනකු අවි ආයුධද සමග ත්‍රිකුණාමලය මුතූර්හිදී අත්අඩංගුවට ගෙන ඇත.
බුද්ධි අංශවලට ලද තොරතුරක් මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ඔවුන් සමග ක්ලේමෝ පැති බෝම්බයක්, ටී 56 අවියක්, මැගසින් 02ක්, එම උණ්ඩ 61ක්, ජීව අත්බෝම්බ 03ක්, විදුලි ඩෙටනේටර් 02ක්, පිස්තෝල පතොරම් 20ක්, එල්.ටී.ටී.ඊ. නිල ඇඳුමක් හා යතුරු පැදි දෙකක් මෙහිදී සොයා ගෙන ඇත. අත්අඩංගුවට පත් සිවුදෙනා ත්‍රිකුණාමලය මුතුර්හී රාල්කුලී, සාම්පූර්, කච්චපරිච්චාන් ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ඔවුන් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹට රැගෙනවිත් තිබිණි.
ඉන්දියාවේ හා මැලේසියාවේ සිට ප්‍රබල කොටි සාමාජිකයන් දෙදෙනකු ජනාධිපතිවරණය සමයේ මෙරටට පැමිණි බවට බුද්ධි අංශ මීට පෙර හෙළිකර තිබිණි. ඉන්දියාවේ සිට පැමිණි කොටි නායකයකු ගැන අවධානයෙන් සිටින්නැයි පොලිස් මූලස්ථානය පොලිස් ස්ථාන වෙත අනතුරු හැඟවීමක්ද කර තිබිණි.