www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ‘ඇමතිවරු දෙදෙනෙක් ගැන’ කාදිනල් හිමි තොරතුරු දෙයි


2019-12-09 11:15:58 -  1648 යි

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගිය සතියේදී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් මෙම පාස්කු ප්‍රහාරයට පසුගිය රජයේ හිටපු ප්‍රබල ඇමතිවරු දෙදෙනෙකුගේ ඇති සම්බන්ධතාවය පිළිබඳ කරුණු ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව පාස්කු ප්‍රහාරයට පෙර හා පසු ඇති වූ සිද්ධීන්වලට හා මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති හිටපු රජයේ ඉහළම ඇමතිවරු කොමිසමට කැඳවා ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කිරීමට නියමිතයි.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා සභාපතීත්වය දරන මෙම කොමිසමේ සෙසු සාමාජිකයින් වන්නේ හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන බන්දුල කරුණාරත්න , සුනිල් රාජපක්‍ෂ , හිටපු මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු සහ අධිකරණ අමාත්‍යංශයේ හිටපු ලේකම් එච්.එම්.එස්.අධිකාරී යන මහත්වරුනුයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 16 =       

New Page 1

 Â© 2014 by www.eethalayanews.com