www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ජනපති ඝාතනයට කුමන්ත්‍රණය කළ සැකකරු ගැන තවත් තොරතුරු හෙළි වෙයි


2019-12-06 07:02:46 -  1855 යි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ඔහුගේ සමීපතමයන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කළේ යැයි අත්අඩංගුවට ගැනුණු සැකකරු පිළිබඳ තොරතුරු රැසක් මේ වන විට අනාවරණ වී තිබෙනවා. හකීම් මොහම්මදු රිෆ්කාන් නැමැති මෙම සැකකරු වාලච්චේන ඔට්ටමාවඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි හෙළි වී ඇත්තේ. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ඔහුගේ සමීපතමයෙකු ඝාතනය කළහොත් විදෙස් රටක සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ හැකි බව මෙම සැකකරු තවත් දෙමළ ජාතිකයින් තුන්දෙනෙකුට පවසා ඇතැයි හෙළි වුණා. අදාළ දෙමළ ජාතිකයින් සීදුව අමන්දොලුව ජයවර්ධනපුර ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින්නන් බවයි වැඩිදුරටත් හෙළි වී ඇත්තේ.  

අත්අඩංගුවට ගෙන සිටින සැකකරු ද සීදුව අමන්දොලුව ජයවර්ධනපුර ප්‍රදේශයේම තාවකාලිකව නවාතැන් ගෙන සිට තිබෙනවා. මෙම සැකකරු තාවකාලිකව නවාතැන් ගෙන සිටි නිවාස සඳහා මුදල් ගෙවා ඇත්තේ සිය බැංකු ගිණුමට පිටස්තර පුද්ගලයින්ගෙන් ලැබෙන මුදල්වලින්.

හකීම් මොහම්මදු රිෆ්කාන් නැමැති මෙම සැකකරු ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇත්තේ තමන් එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සමීපතමයෙකු බවයි. අත්අඩංගුවට ගත් අවස්ථාවේ ද සැකකරු, අදාළ මන්ත්‍රීවරයාට ඇමතුමක් ලබා ගන්නා ලෙස පොලිසිය හමුවේ ප්‍රකාශයක් කර තිබෙන බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

මෙම සැකකරු සන්තකයේ තිබී සිම්පත් 11 ක්ද සොයාගත් අතර ඔහු විසින් පවත්වාගෙන ගිය ෆේස්බුක් ගිණුම් 04 ක් පිළිබඳව ද තොරතුරු හෙළි කරගෙන තිබෙනවා. ඔහු වසර 02 ක් සෞදි අරාබියේ සිට මෙරටට පැමිණි අයෙකු බවද සඳහන්. ඒ අනුව අයි එස් සංවිධානය සමගද ඔහු සබඳතා පවත්වා තිබේදැයි විමර්ශණ සිදුවනවා.  

හකීම් මොහම්මදු රිෆ්කාන් නැමැති මෙම සැකකරුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රශ්න කරන බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ. ඔහුගෙන් එලෙස මාස 03 ක් රඳවා ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණ අවසරද  හිමි වුණා. 

මෙම සැකකරු අත්අඩංගුවට ගැණුනේ කටුනායක පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච් ජී ඩබ්ලිව් ඉන්දික කුමාරට ලැබුණු තොරතුරකට අනුවයි. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 15 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com