අඩු වුණු බදු වාසිය අන්තර්ජාල පරිශිලකයන්ට නැහැ
|

2019-12-04 11:56:34
- 1595
යි
වත්මන් රජය විදුලි සංදේශ ගාස්තුවලට අය කරනු ලබන බද්ද සියයට 25කින් මෙම දෙසැම්බර් මස 01 වැනිදා සිට අඩු කිරීමට පියවර ගෙන ඇතත් එහි වාසිය අන්තර්ජාල පරිශීලකයන්ට ලබාදීමට අන්තර්ජාල සේවා සපයන සමාගම් අපොහොසත් වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරයි. කඩිනමින් අන්තර්ජාල පරිශීලකයන් හට එම බදු සහන හෝ ඔවුන් වෙත ලබාදෙනු ලබන දත්ත ප්‍රමාණය ඉහළ නැංවීමට කටයුතු කරන ලෙස සියලුම අන්තර්ජාල සේවා සපයන සමාගම් වෙත දැනුම් දෙන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මැතිව් පැවසීය.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|