www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ජනපති ගෝඨාභය ඝාතන තැතක් - කටුනායකින් 5ක් අල්ලයි.


2019-12-04 11:39:58 -  1607 යි

ජනපති ගෝඨාභය රාජපක්ෂ හෝ පවුලේ සාමාජිකයන්ට ජීවිත අනතුරක් කළහොත් විශාල මුදලක් සමග විදේශගතවීමේ අවස්ථාවක් උදාකරගත හැකි බව කියමින් තවත් පිිරිසක් සමග කුමන්ත්‍රණය කළැයි කටුනායක පොලිසිය පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ‌ගෙන ඇත.

වන්නියේ සහ නැගෙනහිර 5ක් අල්ලයි.

වාලච්චේන පදිංචි මුහම්මද් රිෆ්කාන්, කිලිනොච්චි අක්කරායන්කුලම් පදිංචි ගනේෂලිංගම් මදන්, විශ්වමඩු ධර්මපුරම් පදිංචි වේලු කෝනේෂ්වරම්, විශ්වමඩු කල්ලාරු පදිංචි ගුණරත්නම් නගුලේන්ද්‍රන්, මස්කෙළියේ ආරියරාජන් කමලරාජ් යන අය මේ අනුව කටුනායක පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉන්දික ඇතුළු කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සීදුව, ජයවර්ධනපුර, අමන්දොළුව අංක 01/16 ලිපිනයේ වූ නිවසක කුලී පදනම මත සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා (02 වැනිදා) පස්වරු 2.00 ට පමණය.

මදන් නමැති සැකකරුගේ සොයුරියන් දෙදෙනා එල්ටීටීඊ සංවිධානයේ සිටි අය බවත්, ඉන් එක් අයකු මේ වනතුරුත් පුනරුත්ථාපනය වී නොමැති බවත් හෙළි වී තිබේ.

පසුගිය නොවැම්බර් 28 වැනිදා මෙම සැකකරුවන් තම බෝඩිමේදී බියර් පානය කරමින් සිටියදී මුහම්මදු රිෆ්කාන් නමැත්තා ප්‍රභූ ඝාතන සැලසුම ගැන අනෙක් පිරිසට යෝජනා කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ හෝ පවුලේ කෙනකු හෝ එයාලගේ ළඟ හිතවතෙක්ට අනතුරක් කළොත් අපිට විශාල මුදලක් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් වුණොත් වෙන රටකට යන්නත් පුළුවන්. මොනවා හරි වුණොත් අපි වෙනුවෙන් මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමෙක් ඉන්නවා. එයාට කියලා අපිට ඇපයක් හරි දාගන්න පුළුවන් යැයි මුහම්මදු රිෆ්කාන් ගනේෂලිංගම් ඇතුළු පිරිසට යෝජනා කර ඇත.

මෙම යෝජනාව ක්‍රියාත්මක කළ නොහැකි නම් මෙම තොරතුරු කිසිවකුටත් නොකියන ලෙසත්, තම ඡායාරූප පෙන්වා විමසීම් කළහොත් නාඳුනන බව කියන ලෙසත් රිෆ්කාන් පවසා තිබේ.

මෙම රිෆ්කාන් නමැත්තා සෞදියේ රැකියාවක් කර මෙරටට පැමිණ සීදූවේ ප්‍රධාන පෙළේ ඇඟලුම් ආයතනයක සේවය කළ අරාබි හා හින්දි භාෂාව පවා දන්නා අයෙකි. මෙම පුද්ගලයා අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව වසර තුනක් තිස්සේ ආශ්‍රය කරන බවත් විමර්ශනවලදී හෙළි වී ඇත. ඇල්ලූ සැකකරුවන් රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන රාජ්‍ය බුද්ධි සේවය, ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය, විශේෂ කාර්යාංශය, බස්නාහිර පළාත් බුද්ධි ඒකකය ඇතුළු ඒකක මගින් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝග මත විමර්ශන සිදු කෙරේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 17 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com