බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කිරීමේ පළමු පියවර ලෙසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජාතික බුද්ධි ප්‍රධානි (CNI) තනතුරට මේජර් ජෙනරාල් ජගත් අල්විස් පත්කර ඇත.
ඔහු මීට පෙර සන්නද්ධ බුද්ධි බළකායේ රෙජිමේන්තු අධිපති ජනාධිපති ආරක්ෂක සේනාවේ අධ්‍යක්ෂ ජෙනරාල්, යාපනය අරක්ෂක සේනා ආඥාපති හා ඊශ්‍රායලයේ නියෝජ්‍ය තානාපති ධුරයද හෙබවීය. ගජබා රෙජිමේන්තු නිලධාරියකු වන ඔහු ඊළාම් යුද්ධයේදී දක්ෂතා රැසක් දැක්වූ අයෙකි. මේ අතර මෙතෙක් ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කළ පාබල රෙජිමේන්තුවේ දක්ෂ නිලධාරියකු වන මේජර් ජෙනරාල් රුවන් කුලතුංග ජාතික ශිෂ්‍ය භට බළකායේ අධ්‍යක්ෂ තනතුරට පත්කර ඇත.
පාස්කු ඉරුදින අන්තවාදී ප්‍රහාරයෙන් පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එවකට ජාතික බුද්ධි ප්‍රධානියාව සිටි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ඉවත්ව යාමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා මේජර් ජෙනරාල් රුවන් කුලතුංග පත් කළේය. ජාතික ශිෂ්‍ය භට බළකායේ අධ්‍යක්ෂ ධුරය හෙබවූයේ මේජර් ජනරාල් මර්වින් පෙරේරාය.