www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගෝඨාභය වැඩ අරඹයි - නගර අලංකරණය කරන්න හිඟන්නන් කඳවුරුවලට


2019-11-28 12:36:39 -  1567 යි

වත්මන් රජය ක්‍රියාත්මක කර තිබෙන නව ආරක්ෂක හා නගර අලංකරණ සැලසුම් වැඩපිළිවෙළට සමගාමීව නගරාශ්‍රිතව සිටින සියලුම යාචකයන් රැඳවුම් මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට රජය අවශ්‍ය පියවර ගෙන ඇති බව අනාවරණය වෙයි. මේ වන විට ඊට අවශ්‍ය උපදෙස් සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම්දී ඇති බවද දැනගැනීමට තිබේ.

කොළඹ ඇතුළු මෙරට ප්‍රධාන නගර ආශ්‍රිතව යාචකයන් දහස් ගණනක් ගැවසීම නිසා රටේ ආරක්ෂාවට මෙන්ම නගර අලංකරණයටද සිදුවන ගැටලු සහගත තත්ත්වයන් පිළිබඳව සලකා බලා රජය මෙකී පියවර ගෙන ඇති බවද තවද මගී ප්‍රවාහන රථවලදී එකී යාචකයන්ගෙන් මගීන්ට සිදුවන හිරිහැරද මෙම පියවර ගැනීමට හේතුවී ඇති බවද දැනගැනීමට තිබේ. 

මෙකී යාචකයන් රිදියගම රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන බවද වැඩිදුරටත් අනාවරණය වෙයි.

මහරගම පොලිසිය මඟින් ඊයේ (27දා) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර සිටි එවැනි යාචකයකු රිදියගම රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කරන ලෙසද අධිකරණයෙන් නියම කෙරිණි.

කුමුදු උපුල් ශාන්ත

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 12 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com