www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ISIS ඉන්දියාවට එල්ල කරන්න ගිය මහා පරිමාණ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනූනවයෙන් බේරෙයි


2019-11-28 09:30:04 -  1598 යි

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඉලක්ක කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ මහා පරිමාණයේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට දිල්ලි විශේෂ පොලිස් ඒකකය සමත් වී තිබේ.

ඊට සම්බන්ධ පුද්ගලයන් තුන් දෙනකු සමඟ ඔවුන් සතුව තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ අයිසිස් ත්‍රස්තවාදීන් පිළිබඳ තොරතුරු ඇතුළත් ජංගම දුරකථන හතරක්ද අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ඉන්දීය බලධාරීහු සඳහන් කළහ.

මෙම ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තයන් බංග්ලාදේශයේ අයිසිස් ත්‍රස්තවාදීන් අනුව යමින්, දිල්ලි නගරයට ප්‍රහාර එල්ල කිරීමට පෙර ඇසෑම් ප්‍රාන්තයේ සැණකෙළියකට පහරදීමට සැලසුම් කර තිබූ බවද ඉන්දීය ආරක්ෂක අංශ හෙළිදරව් කරගෙන ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 20 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com