www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රටින් පැන්න ඒඩ්‍රියන් නිශාන්ත කන්දප්පා හෙවත් නිශාන්ත සිල්වා කොටි ඩයස්පෝරාවේ ඒජන්තවරයෙක්.


2019-11-27 14:48:27 -  1741 යි

බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත කන්දප්පා හෙවත් නිශාන්ත සිල්වා කොටි ඩයස්පෝරාවේ ඒජන්තවරයකු බවත් තමා මෙම කරුණු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දුන් අවස්ථාවේදී නිශාන්ත කන්දප්පා මහතා ආරක්ෂා කළේ රහස් පොලිසිය භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා විසින් බවත් හිටපු අධිකරණ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා  ප්‍රකාශ කළේය.

2018 වසරේ අගභාගයේදී මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවෙසේදී නිශාන්ත කන්දප්පා මහතාට කොටි ඩයස්පෝරාව සමඟ තිබෙන සම්බන්ධය තමා සාක්ෂි සහිතව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දුන් බවත් මේ ගැන විමසීම සඳහා පැවැති එම සාකච්ඡාවට ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා කැඳවා තිබුණු බවත් ඔහු සමඟ එම සාකච්ඡාවට ජේ.සී. වැලිඅමුණ මහතාද පැමිණ සිටි බවත් විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

නිශාන්ත කන්දප්පා මහතා කොටි ඩයස්පෝරාවේ වුවමනාවන්ට අනුව රණවිරුවන් දඩයම් කරමින් බුද්ධි අංශ විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බවත්, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවි විජේගුණරත්න මහත්වරුන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත් තමා මෛත්‍රිපාල සිරිසේන මහතාට ඒ බව දැනුම් දුන් බවත් විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

නිශාන්ත කන්දප්පා මහතාට චෝදනා කිරීම අසාධාරණ බවත් ඔහු රහස් පොලිසියේ දක්ෂ නිලධාරියකු බව සඳහන් කරමින් නිශාන්ත කන්දප්පා මහතා ඒ අවස්ථාවේදී ආරක්ෂා කළේ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා විසින් බවත් විජයදාස රාජපක්ෂ මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

කොටි ඩයස්පෝරාවෙන් මෙන්ම ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන (NGO) වලින්ද නිශාන්ත කන්දප්පා මහතාට වරප්‍රසාද ලැබුණේ බුද්ධි අංශ අඩපණ කිරීමට බව තමා දැඩි වගකීමකින් යුක්තව ප්‍රකාශ කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මෙම සාකච්ඡාව සඳහා ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා තනිවම ජනාධිපති නිල නිවෙසට පැමිණෙන විට ඊට එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ වී ඇති බවත් ජේ.සී. වැලිඅමුණ මහතා සමඟ යන ලෙසට ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතාට රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබාදී තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නිශාන්ත කන්දප්පා මහතා කොටි ඩයස්පෝරාවේ ඒජන්තවරයකු ලෙස බුද්ධි අංශ දුර්වල කිරීමට කටයුතු කිරීම සහ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා විසින් නිශාන්ත කන්දප්පා මහතා ආරක්ෂා කිරීම යන කරුණු සම්බන්ධයෙන් තමා ඉදිරියේදී වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීමට ක්‍රියාකරන බවත් විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඩබ්ලිව්.කේ.  ප්‍රසාද් මංජු

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 19 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com