අවදානමට ලක්ව තිබෙන බෞද්ධ උරුමයන් රැක ගැනීම සඳහා ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාව නැවත අවධාරණය කෙරෙනවා.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර පත්ම උදයශාන්ත පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නව ආණ්ඩුව යටතේ ඒ සඳහා තමන් පෙරමුණ ගන්නා බවයි.
පූජනීය මුහුදු මහා විහාරයට එහිදී ප‍්‍රමුඛතාවක් ලබාදෙන බවද මන්තී‍්‍රවරයා පැවසුවා.
මුහුදු මහා විහාරය පිළිබදව මෙන්ම සෙසු බෞද්ධ උරුමයන් පිළිබදවද ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කළයුතු බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.