www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දුම් පරීක්ෂණය මහත් හිසරදයක්


2019-11-26 07:07:36 -  1729 යි

වාහන දුම් පරීක්ෂාවේදී මහජනයා මහත් සේ අපහසුතාවකට පත්වේ. මෙය පරිසර හානියට තුඩුදෙන ක්‍රියාවක් බැව් මේ සමයේ පුන පුනා ප්‍රකාශ කළද මීට වැඩි පරිසර හානියක් කැළි කසළ හා වෙනත් අපද්‍රව්‍ය වලින් දිනපතා නිකුත් වන බැව් කිව යුතුය.විශේෂයෙන්ම රජයේ ලංගම හා සමහර බර වාහනවලින් නිකුත් වන දුම් වළලු අතිමහත්ය. මෙම දුම් පරීක්ෂාව එම වාහනවලට පමණක් යෝග්‍ය වන අතර යතුරුපැදි හා මෝටර් රථවලින් නිකුත් වන දුම් ප්‍රමාණය අවම වන අතර එය එතරම් සැලකිල්ලට භාජනය විය යුතු නැත. මෝටර් රථ පිළිබඳව ගත් කල 1976 වසරට පෙර එහා නිෂ්පාදිත වර්ෂ හිමි මෝටර් රථ සඳහා මෙම දුම් පරීක්ෂාව අනවශ්‍ය බැව් පවසන අතර 1976 මෙහා අලුත්වාහන සඳහා දුම් පරීක්ෂණ වාර්තා ලබා ගත යුතුය. මේ අතින් බලන කල පැරණි වාහන සඳහා දුම් වාර්තා අනවශ්‍ය වන අතර දුම් වාර්තා අවශ්‍ය වන්නේ අලුත් වාහන සඳහා පමණි. මෙය මහා අපබ්‍රංශ ක්‍රියාවලියක්ද වේ. මෙම දුම්වාර්තා ලබා ගැනීමේදී මහජනයා අති විශාල සංඛ්‍යාවක් මහත් හිරිහැරයකට පත්වේ.

මෙනයින් රජයට ලැබෙන ආදායමට වඩා වැඩි ආදායමක් මෙම සමාගම්වලට ලැබෙන අතර ඉන් සිදුවන්නේ මෙම දුම් පරීක්ෂාව එක්තරා කොටසකට පමණක් මහත් ආර්ථික ලාභයක් ලබා ගැනීම පමණි.

එහෙයින් ඉදිරියට පත්වන රජයවත් මෙම දුම් පරීක්ෂාව අත් හිටුවීම මහජනයාට කරන මහඟු සෙතක් බැව් කිව යුතුය. තවද මෙම දුම් පරීක්ෂාවට අමතරව වාර්ෂික බලපත්‍රය ලබාගැනීමේදී අදාළ කාර්යාලයට මීට අමතර තවත් කාබන් බද්දක් ගෙවිය යුතු අතර එය පැරණි වාහන සඳහා විශාල මුදලක් ගෙවිය යුතුය. දුම් පරීක්ෂාවේදී මෙම කාබන් බද්දටත් සමගම මුදල ගෙවන නිසා මෙය අමතර හිරිහැරයක්ද වේ.

තවද පරිසර විනාශයට මීට වඩා වැඩි දේ වර්තමානයේ සිදුවන බැව් කිව යුතු අතර මහජනයා දිගු පෝලිම්වල ගත කරන්නට සලස්වන අධික මුදලක් වැයවන මෙවැනි අවැඩදායී සිද්ධීන් වළක්වාලීම ඉදිරියට පත්වන රජයේ යුතුකමක් බැව් සඳහන් කළ යුතුව ඇත.

ඩී.එන්. දිසානායක

කොස්වත්ත - බිංගිරිය

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 17 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com