www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සැකකටයුතු ලෙස නිවසක රැඳී සිටි හත්දෙනෙක් අත්අඩංගුවට


2019-11-26 06:54:04 -  1589 යි

කන්තලේ පේරාරු ප්‍රදේශයේ නිවසක සැකකටයුතු අයුරින් රැඳී සිටි කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් හත්දෙනෙකු පෙරේදා (23 වැනිදා) පොලිස් අත්අඩංගුවට පත් වූහ.

එදින පොලිසිය වෙත ලැබුණු තොරතුරකින් කියැවී ඇත්තේ ප්‍රදේශයේ නිධානයක් ගොඩ ගැනීම සඳහා මෙම පිරිස පැමිණ ඇති බවයි. ඒ අනුව පේරාරු ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුගේ නිවසක් වටලා ඇති පොලිසිය සැකකටයුතු අන්දමින් එහි රැඳී සිට ඇති මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර ගම්පොළ ප්‍රදේශයේ පදිංචි සිංහල කාන්තාවන් තිදෙනෙකු වටවල පදිංචි ද්‍රවිඩ ජාතිකයන් තිදෙනකු සහ වෙලම්බඩ ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයකු ද වේ. මොවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී නිධානයක් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසන අතර ඒ සඳහා භාවිත කරන උපකරණ හෝ වෙනත් සාධකයක් හමු වී නොමැත. කෙසේ වුවද මේ පිළිබඳව වැඩිදුර විමර්ශනය සිදුකරන අතර මේ සඳහා කන්තලේ පුද්ගලයන්ගේ යම් සම්බන්ධයක් ​ඇතිදැයි සොයා බැලීමටද නියමිතය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 18 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com