www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අද අලුතෙන්ම දිවුරුම් දෙන ආණ්ඩුකාරවරු 9 දෙනා මෙන්න


2019-11-21 08:36:21 -  1534 යි

පළාත් ආණ්ඩුකාරවරුන් 9දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද(21) පෙරවරු 8.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතය.

ඒ අනුව, විලී ගමගේ, ටිකිරි කොබ්බෑකඩුව, ඒ.ජේ.එම්.මුසම්මිල්, ගෙවිඳු කුමාරතුංග, සීතා අඹේවෙල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙසේ ආණ්ඩුකාරවරුන් ලෙස දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද ආණ්ඩුකාරවරුන් 9දෙනා ජනාධිපති කාර්යාලයේ ඉල්ලීමක් මත ඊයේ(20) ඉල්ලා අස්වීම හේතුවෙන් එම ධූර පුරප්පාඩු වී තිබිණි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 12 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com