රටේ නීතිය සැමටම පොදුයි. මෙවර කොටි සැමරුම් බැහැ - ආරක්‍ෂක අංශ කියයි
|

2019-11-21 07:06:30
- 1590
යි
නොවැම්බර් 27 දාට යෙදෙන මියගිය කොටි සැමරීමේ උත්සව උතුරේ සහ නැගෙනහිර කොටි සුසාන භූමිවල පැවැත්වීම සඳහා ඉඩ නොදෙන බව ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවැසීය.
කොටි සංවිධානය තහනම්ව තිබියදී නීතිරීති උල්ලංඝනය කරමින් කොටි සුසාන භූමි පහක කොටි සැමරීමට ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන් කි‍්‍රයාකර තිබුණි.
පසුගිය සිව්වසර තුළ කොටි සමරු උත්සව මහාපරිමාණයෙන් පැවැත්වීම සිදු වුණා. රටේ නීතිය සැමටම පොදුයි. මෙවර ඊට ඉඩක් නැහැ යයි එම ආරංචි මාර්ග පැවැසීය.
මෙම සමරු උත්සව පැවැත්වීම සඳහා උතුරේ සහ නැගෙනහිර කොටි සුසාන භූමි පහක් එළිපෙහෙළි කර ඇත.
පසුගිය වසරේදී ද්‍රවිඩ දේශපාලකයකු උතුරේ කොටි සුසාන භූමියක් විදුලි ආලෝකවත් කිරීමට සිය අරමුදලින් මුදල් සපයා තිබුණි.
කීර්ති වර්ණකුලසූරිය
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|