එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාකාරිව පැවති අවධියේ යුද්ධයෙන් මියගිය එල් ටි ටි සාමාජිකයින් සැමරීම වෙනුවෙන් මහවිරු සැමරීමට එක්වන ලෙසට දෙමළ දේශපාලන නියෝජිතයින් පිරිසක් දෙමළ ජනතාවගෙන් ඉල්ලීම් කොට ඇති බව උතුරේ ආරක්ෂක අංශ පවසනවා.
ඒ අනුව මහවිරු සතිය ලෙස නම්කොට ඇති නොවැම්බර් 21 වැනිදා සිට 27 වැනිදා දක්වා මහවිරුවන් වෙනුවෙන් පහන් දල්වා,මහවිරුවන් සිහි කරමින් ගුණ සැමරුම් වැඩසටහන් පවත්වන ලෙසට දෙමළ දේශපාලඥයින් ඉල්ලීම් කොට ඇති බවයි ආරක්ෂක අංශ පැවසුවේ.
කෙසේ වෙතත් නව ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමෙන් අනතුරුව පෙර වසරවලට සාපේක්ෂව මහවිරු සැමරුම් පැවැත්වීම වෙනුවෙන් දෙමළ ජනතාව තුළ පැවති උනන්දුවේ අඩු වීමක් දැක ගත හැකි බව ආරක්ෂක අංශ වැඩිදුරටත් සඳහන් කළා.
එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය නොවැම්බර් 26 වැනිදා යෙදී ඇති අතර,ඒ වෙනුවෙන් එවක එල්.ටී.ටී.ඊ සාමාජිකයින් විසින් මහා ජන සංහාර කරමින් ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරනු ලැබුවා.