www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ජාතික ගීය මින් පසු සිංහල බසින් පමණයි - ආරක්ෂක රථ පෙළත් ගෝඨාභය ඉවත් කර ගනී


2019-11-20 07:53:33 -  1543 යි

මින් ඉදිරියට ජාතික ගීය සිංහල බසින් පමණක් භාවිත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි පවසනවා.

ජනාධිපතිවරයා සඳහා සැපයෙන ආරක්ෂක රථ පෙළෙහි වාහන ගණන සීමා කිරීමට ද ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා සඳහා සැපයෙන ආරක්ෂක රථපෙළට ගිලන් රථයක් ද ඇතුළුව වාහන 15 ත් 20 ත් අතර ප‍්‍රමාණයක් ඇතුළත් වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව තීරණයට අනුව එම වාහන ගණන 02 කට හෝ 03කට සීමා කෙරෙනු ඇති.

කෙසේවෙතත්, සෙසු වාහන හැසිරීම සඳහා පොලිස් යතුරු පැදි කිහිපයක් ආරක්ෂක රථ සඳහා ඇතුළත් කිරීමට ද සැලසුම් කර තිබෙනවා. 

ජනාධිපතිවරයා සහිත රථ පෙළ ගමන් කිරීමේදී අදාළ මාර්ගය සෙසු වාහන සඳහා වසා තැබීම සාමාන්‍යයෙන් සිදුවන්නක්.

එහෙත්, එලෙස මාර්ග වසා දැමීම මින් ඉදිරියට සිදු නොකිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

සෙසු වාහන හැසිරවීම සඳහා පොලිස් යතුරුපැදි කිහිපයක් ජනාධිපතිවරයාගේ ආරක්ෂක රථ සඳහා ඇතුළත් කෙරෙන්නේද ඒ අනුවයි. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 14 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com