www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගෝඨාගේ ජයෙන් ඊළාම් රාජ්‍ය සංකල්පය බිඳ වැටුණා... තමිල්නාඩු පී. එම්. කේ. පක්ෂ නායක


2019-11-20 07:39:09 -  1543 යි

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනපති වීමෙන් ද්‍රවිඩ ඊළාම් රාජ්‍ය සංකල්පය මුළුමනින්ම බිඳවැටුණ බව තමිල්නාඩුවේ පී. එම්. කේ. පක්ෂයේ නායක එස්. රාමදොස් ප්‍රකාශ කර ඇත.
 
 රාමදොස් තවදුරටත් පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ලැබීම මුළු ලොව පුරා සිටින ද්‍රවිඩ ජනතාවගේ බලාපොරොත්තු සුන් වූ බවයි.
 
 ඩී. එම්. කේ. පක්ෂයේ නායක එම්. කේ. ස්ටාලින් ද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය පිළිබඳව කරුණු දක්වමින් එම ජයග්‍රහණය ද්‍රවිඩයන්ට කම්පනයක් ඇති කළ බව කීවේය.
 
 කොටි හිතවාදී එම්. ඩී. එම්. කේ. පක්ෂයේ නායක වයිකෝ පැවසුවේ ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය ද්‍රවිඩ ජනතාවගේ කනගාටුදායක දිනයක් බවයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 16 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com