www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඉන්දියාව LTTE තහනම තවත් වසර 5කින් දීර්ඝ කරයි


2019-11-12 14:04:19 -  901 යි

එල්.ටී.ටී.ඊ සංවිධානය සඳහා පනවා තිබූ තහනම තවත් වසර 5කින් දීර්ඝ කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වන නඩු තීන්දුව නවදිල්ලි මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත් කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය. 

එල්.ටී.ටී.ඊ තහනම මීට පෙර ඉන්දියාව විසින් ක්‍රියාත්මක කර තිබූ අතර එය තවදුරටත් පැවතිය යුතුද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ඉන්දීය රජය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය සභාවක් පත් කළේය.

ඒ අනුව එල්.ටී.ටී.ඊ සංවිධානය සඳහා පනවා ඇති තහනම් නියෝගය තවත් වසර 5 කින් දීර්ඝ කිරීමට එම විනිශ්චය සභාව පසුගියදා තීරණය කර ඇති අතර ඒ පිළිබද ඉන්දීය රජයට දැනුම්දී ඇති බව සදහන්. 

එල්.ටී.ටී.ඊ හිතවාදියෙකු ලෙස හදුන්වන ඉන්දීය රාජ්‍ය සභාවේ සාමාජිකයෙකු වන වයිකෝ ඇතුළු පාර්ශව රැසකගෙන් ද මහාධිකරණ විනිශ්චය සභාව විසින් කරුණු විමසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

නීති විරෝධී ක්‍රියාකාරකම් වැලැක්වීමේ පනත යටතේ පසුගියමැයි මාසයේදී මහාධිකරණ විනිශ්චය සභාව පිහිටුවීමෙන් අනතුරුව ඔවුන් විසින් දිල්ලියේ සහ චෙන්නායි හිදී මීට අදාලව නඩු විභාග පවත්වා තිබේ. 

1991 වසරේදී හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඝාතනය කිරිමෙන් අනතුරුව එම සංවිධානය තහනම් සංවිධානයක් බවට නම් කිරීමට ඉන්දීය රජය පියවර ගත්තේය. 

එදින සිට සෑම වසර 5 කට වරක්ම එම සංවිධානය තහනම් සංවිධානයක් බවට ප්‍රකාශයට පත් කෙරුණි. 

අවසන් වරට ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් බවට 2014 වසරේදී ප්‍රකාශයට පත් කළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com