www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පොලිස් නිලධාරීන්ට අල්ලස් දීමට තැත් කළ දෙදෙනෙකුට වැඩ වරදී


2019-11-10 11:02:02 -  904 යි

දංකොටුව - කටුකෙන්ද මංසන්ධියේ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබාදීමට තැත් කළ තරුණයන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ අලුයම එම මාර්ග බාධකය අසළදී මීගමුව දෙසට ධාවනය වූ ලොරි රථයක් නැවැත්වීමට පොලිසිය සංඥා කළද එය නොනවත්වා ධාවනය කර තිබෙනවා.

එම අවස්ථාවේදීම ඒ දෙසටම ධාවනය වූ කැබ් රථයක්, රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරීන් අසළට පැමිණ නොනවත්වා ධාවනය වූ ලොරි රථයේ ගමන් කළේ තමන්ගේ පිරිසක් බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

එහි ගවයින් ප්‍රවාහනය කරමින් සිටින බව පවසා අල්ලස් වශයෙන් රුපියල් 500 නෝට්ටු 2 ක් අල්ලස් ලෙස ලබාදීමට තැත් කර තිබෙනවා.

ඉන් අනතුරුව අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

පලාගිය ලොරි රථය සහ සැකකරුවන් සොයා මේ වනවිට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com