www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කොස්ගොඩ සුජීගේ හොඳම වෙඩික්කරු උඩහමුල්ලේදී අල්ලයි


2019-11-04 08:53:50 -  902 යි

කොහුවල, වත්තල, ඇල්පිටිය යන ප්‍රදේශවලදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිද්ධින් 3 කට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු මිරිහාන කොට්ඨාශ නීතිය බල ගැන්වීමේ ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

29 හැවිරිදි රුවන් කුමාර හෙවත් ආමි රුවන් නැමති මෙම පුද්ගලයා අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, යුද හමුදාවෙන් පලාගිය සෙබළෙකු බවටද අනාවරණ වී තිබෙනවා.

පාතාල කල්ලි නායකයෙකු වන කොස්ගොඩ සුජීගේ හොඳම වෙඩික්කරු ලෙස මෙම පුද්ගලයා කටයුතු කර ඇති බවයි මිරිහාන කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ.

සැකකරු ඊයේ උඩහමුල්ල ඩිපෝව ආසන්නයේ ඇති බස්නැවතුම් පලකදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 3 කට ආසන්න ප්‍රමාණයක් සහ ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔහු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com