www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාසල තුළ බෝම්බ පුපුරවන බවට යාපනයේ විදුහල්පතිවරයෙක්ට ISIS සංවිධානයේ නමින් ලිපියක්


2019-11-01 09:24:38 -  899 යි

යාපනයේ වෙම්බඩි කාන්තා විද්‍යාලයේ නොවැම්බර් මාසය තුළ බෝම්බ තබා පුපුරවා හරින බවට ලිපියක් ඊයේ (31) දා එම පාසලේ හිටපු විදුහල්පතිවරයාගේ නමට ලැබී තිබෙනවා.

අයි එස් අයි එස් සංවිධානය නමින් හදුන්වා මේ ලිපිය එවා ඇති අතර විදුහල්පතිවරයාගේ නිවසට එම ලිපිය ලැබීමෙන් පසුව ඔහුගේ බිරිද ලිපිය කියවා බලා පාසල් සංවර්ධන සමීතියේ නිලධාරීන්ව දැණුවත් කොට තිබෙනවා.

මේ පිළිබදව පැමිණිල්ලක් යාපනය පොලීසියට ලැබී ඇති අතර පොලීසිය මේ ලිපිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති බවයි වාර්තා වන්නේ.   

වවුනියාව-රසාදි චතුරංගි ගමගේ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com