www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සහරාන්ගේ අනුගාමිකයින් සිටි බවට තමිල්නාඩුවේ ස්ථාන 6ක් සෝදිසි කරයි


2019-11-01 07:32:18 -  902 යි

පාස්කු ඉරුදින ප්‍රහාරයේ පුධාන සැකකරු ලෙස සැළකෙන සහරාන් හෂීම්ගේ අනුගාමිකයින්ට අයත් බව සැළකෙන තමිල්නාඩු ප්‍රාන්තයේ  ස්ථාන 06ක් සෝදිසි කිරීමකට ලක් කර තිබේ. 

ඉන්දියානු ජාතික විමර්ශන ඒජන්සිය විසින් ඊයේ (31) දිනයේ මෙම සෝදිසි  කිරීම සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍යවාර්තා කළේය. 

අයි.එස්.අයි එස් සංවිධානයට සහ සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වු පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළ මෙම සෝදිසි කිරීම් සිදුකර ඇත.

මේ වනවිට අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත මෙම සෝදිසි කිරීම් සිදුකර ඇති බව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය පෙන්වා දී ඇත්තේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ලැප්ටොප් පරිගණක 02ක්, ජංගමදුරකථන 08ක්, සිම්කාඩ් පත් 05ක්, එස්.ඩී කාඩ්පතක් සහ විවිධ ලේඛණ 14ක් සොයාගෙන තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com